Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ත්‍රිත්ව ක්‍රීඩකයෝ තර්ස්ටන් පරදවති
අන්තර් පාසල් රග්බි

ත්‍රිත්ව ක්‍රීඩකයෝ තර්ස්ටන් පරදවති

editorial - 2025 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු කොටසේ රග්බි තරගාවලියේ තෙවැනි සතිය යටතේ අද (20 වැනිදා) පැවැති මූලික වටයේ තරගකදී කොළඹ තර්ස්ටන් විදුහලට එරෙහිව ලකුණු 48-19 ක පහසු ජයක් වාර්තා කිරීමට මහනුවර ත්‍රිත්ව විදුහල සමත් විය. මෙම තරගාවලියේදී ත්‍රිත්ව විදුහල පිට පිටම ලැබූ තෙවැනි ජයග්‍රහණය මෙය විය. 

කොළඹ සුගතදාස සංකීර්ණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 36-07 ක් ලෙස පෙරමුණ ගැනීමට ත්‍රිත්ව ක්‍රීඩකයෝ සමත් වූහ. එහිදී ගෝල දිනුම් 3 ක් සහ උත්සාහක දිනුම් 3 ක් මගින් ත්‍රිත්ව විදුහල ලකුණු ලබාගත් අතර තර්ස්ටන් විදුහල ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක් මගිනි. 

දෙවැනි අර්ධයේදී ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් සිය කණ්ඩායමට තවත් ලකුණු 12 ක් එක්කර ගැනීමට ත්‍රිත්ව ක්‍රීඩකයන් සමත් වෙද්දී, තර්ස්ටන් ක්‍රීඩකයෝද ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු 12 ක් ලබාගත්හ. කෙසේ වුවත් පළමු අර්ධය අවසානයේ පැවැති ලකුණු පරතරය අනුව නියමිත කාලය අවසානයේ මෙම තරගයෙන් ලකුණු 30 ක ජයක් ලැබීමට ත්‍රිත්ව විදුහලට හැකි විය. 


අදහස් (0)

ත්‍රිත්ව ක්‍රීඩකයෝ තර්ස්ටන් පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.