‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ (2018) අටවැනි සතිය නිමාවන විට තවදුරටත් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ඩෙලන් පීරිස් සමත්ව සිටියි. ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 1207 ත් සමග මේ වන විට ඔහු ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 4869 කි.
සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටින බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ සචින් සිල්වා මේ වන විට ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 2188 ක් වන අතර ගෙවී ගිය සතිය තුළදී ඔහු ලබාගෙන ඇත්තේ ඡන්ද 511 ක් පමණි.
ඒ අනුව පළමු ස්ථානයේ පසුවන ඩෙලන් සහ දෙවැනි ස්ථානයේ පසුවන සචින් අතර පැවැති ඡන්ද පරතරය 1985 සිට 2681 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඩෙලන්ට වඩා ඡන්ද 3667 ක් පසුපසින් සිටින කොළඹ ලුම්බිණි විදුහලේ කවීන් පීරිස් එම කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසුවන අතර ඔහු ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 1202 කි.
කොළඹ ආනන්ද විදුහලේ අසේල් සිගේරා සහ මහනුවර ධර්මරාජ විදුහලේ දුලාජ් බණ්ඩාර පිළිවෙලන් ඡන්ද 1073 ක් සහ 633 ක් බැගින් ලබා පිළිවෙලින් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ සිවුවැනි සහ පස්වැනි ස්ථාන හිමිකර ගෙන සිටිති.
කොටේටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයේ සොනාර කරුණාතුංග ඡන්ද 986 ක් ලබාගනිමින් නැගී එන කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇති අතර එම විදුහලේම තිමිර මල්ෂාන් ඡන්ද 705 ක් ලබාගනිමින් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටියි.
බාලිකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින නුගේගොඩ අනුලා විදුහලේ හර්ෂිතා සමරවික්‍රම ඡන්ද 819 ක් ලබා සිටින අතර එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන රත්ගම දේවපතිරාජ විදුහලේ කවීෂා දිල්හාරි ලබා සිටින්නේ ඡන්ද 51 ක් පමණි.
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, අද, ඬේලි මිරර් සහ ඬේලි එෆ්.ටී. යන දිනපතා පුවත්පත්වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ යන සති අන්ත පුවත්පත්වලද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.
www.dialog.lk/cricket/register යන වෙබ් අඩවියට පිවිසීමෙන් පාසල් ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩිකාවන්ට මෙම තරගය සඳහා ලියාපදිංචි විය හැකිය. තමන් කැමතිම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට අන්තර් ජාලය හරහා මනාප පළ කිරීමේ අවස්ථාව නොවැම්බර් 1 වැනිදා සිට ආරම්භ වන නමුත් නොවැම්බර් මස 30 වැනිදා දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි විය හැකිය.
කූපන්පත් මගින් යොමු කෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරෙන අතර එහි නිල ප්‍රතිඵල ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මෙන්ම ‘සන්ඬේ ටයිම්ස්’ වෙබ් අඩවියේද ‘ලංකදීප’ පුවත් පතේ සහ ‘කෙළිමඬළ’ වෙබ් අඩවියේත් පළකෙරේ.
පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ
1 මතීෂ පළඟසිංහ, 46, පැඟිරිවත්ත, මිරිහාන, නුගේගොඩ
2 ගිහානි ඒකනායක, 322/36, උතුවත්තන්ද පාර, තලවතුගොඩ
3 විහාරා තෙව්මිණි, 256/38ඒ, රත්නපුර
4 නිහාල් බණ්ඩාර, ග්‍රීන් වුඞ් වතුයාය, නාවලපිටිය
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.