Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු කොටසේ රග්බි තරගාවලියේ තෙවැනි සතිය යටතේ අද (22 වැනිදා) පැවැති මූලික වටයේ තරගයකදී කොළඹ ආනන්ද විදුහලට එරෙහිව ලකුණු 22-18 ක ජයක් වාර්තා කිරීමට කොලඹ ඩී.එස්. සේනානායක විදුහල සමත් විය. ඩී.එස්. සේනානායක විදුහල මෙවර තරගාවලියේදී ලැබූ දෙවැනි ජය මෙය විය.
රාජගිරියේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 14-10 ක් ලෙස ඩී.එස්. ක්‍රීඩකයෝ පෙරමුණ ගත්හ. එහිදී ගෝල දිනුම් 2 ක් මගින් ඩී.එස්. විදුහල ලකුණු ලබාගත් අතර ආනන්ද විදුහල ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් මගිනි.
දෙවැනි අර්ධයේදී උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් සිය කණ්ඩායමට තවත් ලකුණු 8 ක් එක්කර ගැනීමට ඩී.එස්. ක්‍රීඩකයන් සමත් වෙද්දී, ආනන්ද ක්‍රීඩකයෝද උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු 8 ක් ලබාගත්හ. කෙසේ වුවත් පළමු අර්ධය අවසානයේ රඳවාගෙන සිටි ලකුණු පරතරය අනුව මෙම තරගයේ ජය තමන් සතුකර ගැනීමට ඩී.එස්. ක්‍රීඩකයෝ සමත් වූහ.
එහිදී ඩී.එස්. සේනානායක විදුහල වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගැනීමට තිමත් බෝගහවත්ත, දෙමික මින්දිනු සහ තෙනුල ද සිල්වා සමත් වූ අතර ඉන් උත්සාහක දිනුම් 2 ක ප්‍රවර්ථන සහ දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට ටතීර පෙරේරා සමත් විය. ආනන්ද විදුහල වෙනුවෙන් ප්‍රමිල් කිරිගල්බොඩගේ උත්සාහක දිනුම් 2 ක් ලබාගත් අතර ඉන් එකක ප්‍රවර්ථනයක් සහ දඬුවම් පහර 2 ක් සාර්ථක කරගනු ලැබුවේ දිනෙත් චමුදිත විසිනි.
(ඡායාරූප - කුෂාන් පතිරාජ)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.