බංග්ලාදේශයේ පැවැත්වෙන බී.පී.එල්. විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ චිතගොංග් වයිකින්ස් කණ්ඩායම සහ ෂිලාත් සික්සර්ස් කණ්ඩායම අතර චිතගොංග්හිදී ඊයේ (24 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 40 ක පහසු ජයක් අත්කර ගැනීමට චිතගොංග් වයිකින්ස් කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 212 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ෂිලාත් සික්සර්ස් පිතිකරුවන්ට ටස්කින් අහමඞ් ප්‍රමුඛ චිතගොංග් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 171 ක් පමණි.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ටස්කින් අහමඞ් ලකුණු 31 කට කඩුලු 3 ක් දවාගත් අතර ෂිලාත් කණ්ඩායමේ ජයග්‍රහණය වලක්වාලීම සඳහා ඔහුට අනගි සහායක් දුන් සෞම්‍ය සාකර් සහ ස්ටේන් වැන්සිල් කඩුලු 2 බැගින් දවාගත්හ.
දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 56 කදී ලකුණු 80 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ඇන්ඩි්‍ර ෆ්ලෙචර් (71) සහ සබීර් රෙහෙමාන් (41) සමත් වුවත්, ෂිලාත් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට තරම් එම සම්බන්ධතාව ප්‍රමාණවත් නොවීය. පන්දු 46 කදී වාර්තා වූ ෆ්ලෙචර්ගේ අර්ධ ශතකයට හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් වූ අතර පන්දු 32 කදී වාර්තා වූ අසාම්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.
රාංපූර් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ ධනුෂ්ක ගුණතිලක ලකුණු 10 කට දැවීගිය අතර හත්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි නුරුල් හසන් පන්දු 16 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 28 ක් රැස්කළේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් චිතගොංග් වයිකින්ස් කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ සිකන්දර් රාසා පන්දු 45 කදී ලකුණු 95 ක් රැස්කළේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 9 ක් සමගිනි.
ස්ටේන් වැන් සිල් (40) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සිකන්දර් රාසා, ඉන් නොනැවතී නජිබුල් සද්රාන් (නොදැවී 19) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 33 කදී ලකුණු 68 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහල දැමීය.
පන්දු 26 කදී වාර්තා වූ ස්ටේන් වැන් සිල්ගේ වේගවත් ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත වූ අතර චිතගොංග් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ලුක් රොන්කි පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 41 ක් රැස්කළේය.
චිතගොංග් වයිකින්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 211
(ලුක් රොන්කි 41, ස්ටේන් වැන් සිල් 40, සිකන්දර් රාසා 95, නජිබුල් සද්රාන් නොදැවී 19, කම්රුල් ඉස්ලාම් 35/2)
ෂිලාත් සික්සර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 171
(ඇන්ඩ්‍රි ෆ්ලෙචර් 71, සබීර් රෙහෙමාන් 41, නුරුල් හසන් 28, ටස්කින් අහමඞ් 31/3, ස්ටේන් වැන් සිල් 14/2, සෞම්‍ය සාකර් 17/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.