Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගුවන් හමුදාව තවදුරටත් ‘බී’ ශ්‍රේණියේ පෙරමුණ ගනී

ගුවන් හමුදාව තවදුරටත් ‘බී’ ශ්‍රේණියේ පෙරමුණ ගනී

Nisanka Sandeepani - 2018 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘බී’ ශ්‍රේණිය යටතේ පැවැත්වෙන තරගාවලියේ හත්වැනි සතිය අවසාන වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් රැකගැනීමට ප්‍රසාද ලකුණු 67.44 ක් ලබාගත් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමත්විය.

තරග හතකට සහභාගිවී ඇති ගුවන් හමුදා ක්‍රීඩා සමාජය තරග දෙකක් ජයගෙන තරග දෙකක් පරාජයට පත්වී ඇති අතර තරග තුනක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන ඇත.

ප්‍රසාද ලකුණු 61.98 ක් ලබාගත් මිගමුව ක්‍රීඩා සමාජයට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිවී ඇති අතර ප්‍රසාද ලකුණු 59.67 ක් ලබාගත් පානදුර ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය හිමිකර ගෙන ඇත.


අදහස් (0)

ගුවන් හමුදාව තවදුරටත් ‘බී’ ශ්‍රේණියේ පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.