Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් සමාජ සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද (17 වැනිදා) කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී නුගේගොඩ ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 42 ක ජයක් වාර්තා කිරීමට කුරුණෑගල යොවුන් ක්‍රීඩා සමාජය සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 174 ක ඉලක්කයක් හඹාගිය නුගේගොඩ ක්‍රීඩකයන්ට ඕවර 38.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 131 ක් පමණි. නුගේගොඩ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ කෙවින් පෙරේරා පන්දු 68 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 49 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.
දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ විතිල උදාර සහ දිනුක තෙන්කෝන් කඩුලු 3 බැගින් බිඳහෙළමින් නුගේගොඩ කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ. නුගේගොඩ පිතිකරුවන් අසරණ කිරීම සඳහා ඔවුන් දෙදෙනාට අනගි සහායක් දුන් ගයාන් වීරසිංහ නිලකුණු ඕවරයක්ද සමග ඕවර 5 ක් යවමින් ලකුණු 17 කට කඩුලු 2 ක්ද දවාගත්හ.
පළමුවෙන් පන්දුවට පහරදුන් කුරුණෑගල යොවුන් කණ්ඩායම ඕවර 44.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 173 ක් ලබාගත් අතර පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වූ ගයාන් වීරසිංහ පන්දු 77 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 53 ක් රැස්කළේය. අමේෂ් තෙන්කෝන් පන්දු 43 කින් ලකුණු 34 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.
කුරුණෑගල යොවුන් පිල - ඕවර 44.4 කදී සියලු දෙනා දැවී 173
(අමේෂ් මධුෂංක 34, ගයාන් වීරසිංහ 53, විතිල උදාර නොදැවී 24, කවික ඩිල්ෂාන් 44/3, තිලකරත්න සම්පත් 18/2, මියුරු හේෂාන් 23/2, රාහුල් ගුණසේකර 35/2)
නුගේගොඩ පිල - ඕවර 38.3 කදී සියලු දෙනා දැවී 131
(අක්‍රම් මුතාලිබ් 20, කෙවින් පෙරේරා 49, දසිස් මංචනායක 20, විතිල උදාර 30/3, දිනුක තෙන්නකෝන් 36/3, ගයාන් වීරසිංහ 17/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.