Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගංගාට 10 වැනි ස්ථානය
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

ගංගාට 10 වැනි ස්ථානය

editorial - 2022 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 200 පසුපස ආර ඉසව්වට ඉදිරිපත් වූ ගංගා සෙනෙවිරත්න අද පැවැති දෙවැනි මූලික තරගයේදී 6 වැනි ස්ථානය හිමිකරගත්තාය.

එහිදී ඇය තමන්ගේ හොඳම තරග කාලය වූ විනාඩි 2, තත්.26.63 ක් වාර්තා කළ නමුත් අවසන් වටයේ ස්ථානයක් හිමිකර ගැනීමට අපොහොසත් වූවාය.

මූලික වට දෙකේදී සමස්ත ප්‍රතිඵල අනුව 10 වැනි ස්ථානය දිනාගත් ගංගා අවසන් තරගය සඳහා අතිරේක ක්‍රීඩිකාවන්ගේ ලයිස්තුවට එක්වූවාය.

මූලික තරග දෙකේදීම හොඳම තරග කාලය වාර්තා කළ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාව කේලි මැකියොන් විනාඩි 2, තත් 10.95 කින් තරගය නිම කළාය. ඉසව්වේ 8 වැන්නිය වෙමින්, අවසන් වටයට සුදුසුකම් ලබාගත් ස්කොට්ලන්තයේ කැසි වයිල්ඩ්ගේ තරග කාලය විනාඩි 2, තත්.17.94 කි.

ගංගා සෙනෙවිරත්න වාර්තා කළ විනාඩි 2, තත් 26.63 සහ පළමු ස්ථානය දිනාගත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවගේ තරග කාලය අතර වෙනස තත්. 15.68 කි.

මෙම ඉසව්වේ හොඳම ක්‍රීඩිකාවන් 10 දෙනා අතරට පැමිණි එකම ආසියාතික ක්‍රීඩිකාව ගංගා සෙනෙවිරත්නයි.

- 213


අදහස් (0)

ගංගාට 10 වැනි ස්ථානය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.