Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කෝට්ටේ සටන කෝල්ට්ස් පිටියේදී

කෝට්ටේ සටන කෝල්ට්ස් පිටියේදී

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල (කෝට්ටේ පැරණි ක්‍රිස්තියානි විදුහල) හා පිටකෝට්ටේ ශාන්ත තෝමස් විදුහල අතර 41 වැනි වාර්ෂික කෝට්ටේ සටන මහ ක්‍රිකට් තරගය හෙට සහ අනිද්දා (9 -10)  කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැත්වේ.

කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහලේ ආරම්භය 1822 දක්වා ඈතට දිවයයි. කෝට්ටේ පුරවරයේ  පැවැත්වෙන පැරණිතම වාර්ෂික පාසල් ක්‍රිකට් තරගයක් වන කෝට්ටේ සටන 1911 දක්වා ඈතට දිවයයි. කෙසේ වුවත් මුල් භාගයේදී ජයවර්ධනපුර මහ විදුහල (පැරණි ක්‍රිස්තියානි විදුහල) කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය සමග ද වසර 13ක් වාර්ෂික මහ ක්‍රිකට් තරගය පවත්වා තිබේ. විවිධ හේතූන් මත දෙවිදුහල් අතර වාර්ෂික මහ ක්‍රිකට් තරගය අවස්ථා කීපයකදී අත්හිටුවා තිබේ. ඒ අතර 1975 දී කෝට්ටේ සටන නමින් එම වාර්ෂික මහ තරගය නැවත ආරම්භ වී තිබෙන අතර එය අද දක්වා පැවැත්වේ.

මෙම දෙවිදුහලම අන්තර් පාසල් වයස 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කාණ්ඩයේ ක්‍රීඩා කරයි. මෙවර දක්ෂතා අතර ශාන්ත තෝමසුවන් වඩාත් ඉදිරියෙන් පසුවේ. තරග අටකට සහභාගිවී ඉන් තුනක් ජය ගැනීමට ඔවුහු සමත්ව සිටිති.

මේ වාරයේ ඔවුන්ගේ සාර්ථකම පිතිකරුවා බවට පත්ව තිබෙන නදීජ බණ්ඩාර මේ වනවිට ලකුණු 543 රැස්කිරීමට සමත්ව සිටී. ලකුණු 350 ක් පමණ මේ වන විට රැස්කර  තිබෙන අශේන් චමුදිත ද ඔවුන්ගේ අපේක්ෂා මහ තරගයේ ඉහළට රැගෙන  යන පිතිකරුවකු බවට පත්ව සිටියි.  ඒ අතර උපනායක චාරුක ඩිල්ෂාන් වමතින් පාදඟ පන්දු යවන්නකු ලෙස මේ තරග වාරයේ මෙතෙක් කඩුලු 58ක් බිඳ හෙලූ ඔවුන්ගේ වඩාත්ම විශ්වාසවන්ත පන්දු යවන්නා  බවට පත්ව සිටියි.

ජයවර්ධනපුර මහ විදුහල් කණ්ඩායම මේ තරග වාරයේ වඩාත්ම පසුබෑමක් අත්කර ගෙන තිබෙන්නේ තරග 10 කට සහභාගිවී ඉන් බහුතරයක් පරාජයට පත් වෙවිනි. කෙසේ වුවත් මහ තරගයේදී ඒ නිසාම ඔවුන්  වඩාත් ධෛර්ය සම්පන්නව ක්‍රීඩා කිරීමට අදිටන් කරගෙන සිටින අතර එහිදී ශාන්ත තෝමස් පිතිකරුවන්ට එරෙහිව ඔවුන්ගේ පන්දු යැවීමේ බලඇණියේ නියමුවා බවට යොදා ගන්නේ මේ වනවිට  මේ වාරයේ කඩුලු 35ක් බිඳ හෙලා තිබෙන සම්පත් නිශ්ශංකය. අන්තර් පාසල් වයස 15න් පහළ ප්‍රීමා ක්‍රිකට් තරගාවලියේදී බස්නාහිර දකුණ කණ්ඩායම නියෝජනය කරමින් ඔහු එහි අවසන් මහ තරගයේ දක්ෂතම පන්දු යවන්නාට සම්මාන ලබා තිබේ.

ලකුණු 580 ක් මේ වාරයේ මෙතෙක් රැස්කර තිබෙන චමෝද් සුපුන් ජ’පුර විදුහල් කණ්ඩායමේ වඩාත්ම විශ්වාසය තහවුරු කර තිබෙන පිතිකරුවා බවට පත්ව සිටියි.

වසර 15ක් තිස්සේ විසඳුම් නොලැබුණු කෝට්ටේ සටනේ අවසන් ජයග්‍රහණය ජ’පුර විදුහල  වසන්ත සිල්වාගේ නායකත්වයෙන් වසර 2000දී අත්පත් කර ගෙන තිබේ. ඇන්ටන් ජෑන්ස් නායකත්ය දුන් ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායම වසර 2003 පැවැති කෝට්ටේ සටන ජය ගැනීමට සමත්ව තිබේ.

දෙවිදුහලේ විදුහල්පතිවරුන් වන මේජර් ඩී.ඒ.එස්. වානගුරු මහතා හා නිලන්ත උඩුවන පියතුමාගේ  අධීක්ෂණය යටතේ මෙවරත් මහ තරගය සංවිධානය කෙරේ.

ඒ සඳහා දෙවිදුහල් නියෝජ්‍ය විදුහල්පතිවරුන් වන ඩබ්.එම්.ආර්.සී. වික්‍රමසූරිය, ඩී.එම්.ඩබ්. කිරිවන්දෙණිය, ශ්‍යාමලී කුමාරි, ටී.පී. රොබට් කන්‍යා සොහොයුරිය ඇතුළු දෙවිදුහල් කණ්ඩායම් භාර ආචාර්යවරුන් වන යසින්ත රාජවංශ, සංජීව කත්‍රිආරච්චි, ජයතිලක බණ්ඩාර, ප්‍රසන්න රාමනායක යන මහත්ම මහත්මීන්ගේ සහයෝග ලැබී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල් සංචිතය:
බුද්ධික චන්දික (නායක), කනිෂ්ක මධුරංග (උප නායක),  දුමිඳු ගහෂිත, කවිෂ්ක ගිහාන්, ජනිත් ආකාෂ්, හෂිත හිෂාන්, නිසල් සෙනිරු, නිමේෂ් තිවංකර, ලීසුත දිවාකර, නඳුන් ප්‍රියසංඛ, පසිඳු ආකර්ෂණ, රසික ඉෂාර, ලක්ෂිත කුමාර, සම්පත් නිශ්ශංක, ඩිහාන් රන්සිත, චමෝද් සුපුන් පුහුණුකරු හේෂාන් තිලකරත්න මහතා

කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල් සංචිතය:
දේෂාන් පෙරේරා (නායක), චාරුක දිල්ෂාන් (උප නායක), රෙෂාන් විලියම්ස්, අෂේන් චමුදිත, මලිදු පෙරේරා, තරුෂ චානුක, ජිනෙත් පෙරේරා, අරූක්ෂ මනුල, ආදිත්‍ය සූරියබණ්ඩාර, කවින්ත පහන්, සදීප මධුෂාන්, තෙමිදු ෂෙනාල්, ඇන්ටන් ප්‍රවීන්, තරුෂ පෙරේරා, ප්‍රවීන් දිල්ෂාන්, නදිජ බණ්ඩාර

 


අදහස් (0)

කෝට්ටේ සටන කෝල්ට්ස් පිටියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.