(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් මෙහෙයවනු ලබන වයස අවුරුදු 13 න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට කොළඹ රාජකීය විද්‍යාලය ‘බී’පිල සමත්විය.
ගල්කිස්ස විද්‍යා විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති මෙම තෙවැනි වටයේ තරගයේදී කොළඹ රාජකීය විද්‍යාලය ‘බී’ පිල බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය ‘බී’ පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීය.
කොළඹ රාජකීය විද්‍යාලය ‘බී’ පිලේ ආරම්භක පිතිකරු සෙනුජ දිසානායක පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 80 ක් රැස් කළේය.
බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය ‘බී’ - පළමු ඉනිම 48 යි
(සමිත් දිනුෂාන් 19/4, දෙව්මිත් හංසන 11/2)
කොළඹ රාජකීය විද්‍යාලය ‘බී’ - පළමු ඉනිම කඩුලු 6 ට 141 යි
(සෙනුජ දිසානායක 80, කෙනුජ සන්යුත් නොදැවී 21, සියොන් විලේගොඩ 24/3, ඇලෙක්සැන්ඩර් මෝසස් 16/2)

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.