බංග්ලාදේශයේ පැවැත්වෙන බී.පී.එල්. විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම සහ රාංපූර් රයිඩර්ස් කණ්ඩායම අතර ඩකාහිදී ඊයේ (19 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 14 ක ජයක් අත්කර ගැනීමට කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 154 ක ඉලක්කයක් හඹා ගිය රාංපූර් රයිඩර්ස් පිතිකරුවන්ට මෙහෙදි හසන් සහ රෂීඞ් ඛාන් ප්‍රමුඛ කොමිලා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දුයැවීම හමුවේ ඕවර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 139 ක් පමණි.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ මෙහෙදි හසන් ලකුණු 15 කට කඩුලු 2 ක්ද, රෂීඞ් ඛාන් ලකුණු 19 කට කඩුලු 2 ක්ද දවාගනිමින් රාංපූර් කණ්ඩායමේ ජයග්‍රහණයේ මාවත අවහිර කර දැමූහ.
රාංපූර් ඉනිමේ වැඩිම වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ රවී බොපන්දු 48 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 48 ක් රැස්කළ අතර මොහොමඞ් මිතුන් පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 31 ක් රැස්කළේය. මෙවර තරගාවලියේ සිය පළමු තරගයට සහභාගි වූ කුසල් පෙරේරා එහිදී ලකුණු නොළබා දැවී ගිය අතර සිවුවැනි තරගයට ක්‍රීඩා කළ තිසර පෙරේරාට ලබාගත හැකි වූයේ එක් ලකුණක් පමණි.
පළමුවෙන් පන්දුවට පහරදුන් කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 45 සම්බන්ධතාවක් ගොඩනැගීමට ඉම්රුල් කේයස් (47) සහ මාලන් සැමුවෙල්ස් (41) සමත් වූහ. පන්දු 32 කදී වාර්තා වූ කේයස්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් ඇතුලත් වූ අතර පන්දු 34 කදී වාර්තා වූ සැමුවෙල්ස්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.
දක්ෂ පන්දුයැවීමක නිතර වූ තිසර පෙරේරා ඕවර 4 ක් යවමින් ලකුණු 26 කට කේයස්ගේ සහ සැමුවෙල්ස්ගේ කඩුලු දවාගත් අතර ශොයිබ් මලික් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමටද තිසර සමත් විය.
කොමිලා වික්ටෝරියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 153
(ටමීම් ඉක්බාල් 21, ඉම්රුල් කේයස් 47, මාලන් සැමුවෙල්ස් 41, මොහොමඞ් ශයිෆුඩීන් නොදැවී 16, මෂ්රෆී මොටාසා 22/2, තිසර පෙරේරා 26/2)
රාංපූර් රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 139
(ක්‍රිස් ගේල් 17, මොහොමඞ් මිතුන් 31, රවී බොපාරා නොදැවී 48, මෂ්රෆී මොටාසා 17, මෙහෙදි හසන් 15/2, රෂීඞ් ඛාන් 19/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.