Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කෙන්යානුවෝ පළමු ජය ලබති

කෙන්යානුවෝ පළමු ජය ලබති

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක කෙන්යානු ජාතික ක‍්‍රිකට් පිල සහ ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග හතකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය ලෙස කොළඹ සී. සී. සී. ක‍්‍රීඩාංගණයේදී අද (31) පස්වරුවේ පැවැති තරගයෙන් කොන්යානු ක‍්‍රීඩකයෝ කඩුලූ 6 ක ජයක් ලැබීමට සමත් වූහ.

ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල තරග දෙකක් ඉතිරිව තිබියදී 4 - 1 ක් ලෙස මේ වන විටත් තරගාවලියේ ජය හිමිකරගෙන සිටියි.

කොන්යානු පිතිකරුවෝ ලකුණු 135 ක ජයග‍්‍රාහි ඉලක්කය කඩුලූ 4 ක් පමණක් දැවී අවසන් පන්දුවේදී සම්පූර්ණ කිරීමට සමත් වූහ. ඉසුරු උදාන යැවූ ඉනිමේ අවසන්  ඕවරයට ලකුණු 13 ක් රැස්කිරීමට සිදුවූ අතර රකීප් පටෙල් පළමු පන්දුවට ගැසූ හයේ පහරත් සමග ඉලක්කය පහසු විය.

මොරිස් ඔයුමා පන්දු 55 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 64 ක් රැස්කරමින් ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්විය.

ඇන්ජලෝ පෙරේරා පන්දු 47 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 56 ක් රැස්කරමින් ශ‍්‍රී ලංකා ‘ඒ’ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

ලකුණු පුවරුව

 

 


 


අදහස් (0)

කෙන්යානුවෝ පළමු ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.