බංග්ලාදේශයේ පැවැත්වෙන බී.පී.එල්. විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කුල්නා ටයිටන්ස් කණ්ඩායම සහ රාංපූර් රයිඩර්ස් කණ්ඩායම අතර චිතගොංග්හිදී අද (24 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 9 ක තියුණු ජයක් අත්කර ගැනීමට කුල්නා ටයිටන්ස් කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 159 ක ඉලක්කයක් හඹා ගිය රාංපූර් රයිඩර්ස් පිතිකරුවන්ට කුල්නා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 149 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ අෆීෆ් හුසේන් ලකුණු 4 කට කඩුලු 2 ක් දවාගනිමින් රාංපූර් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළේය.
පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 70 කදී ලකුණු 100 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට රවී බොපාරා (59) සහ නහිදුල් ඉස්ලාම් (58) සමත් වුවත්, රාංපූර් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට තරම් එම සම්බන්ධතාව ප්‍රමාණවත් නොවීය. පන්දු 44 කදී වාර්තා වූ බොපාරාගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 43 කදී වාර්තා වූ ඉස්ලාම්ගේ අර්ධ ශතකයට හතරේ පහර 7 ක් ඇතුළත් විය.
රාංපූර් කණ්ඩායමේ ආරම්භක පිතිකරු බ්‍රෙන්ඩන් මැකලම් ලකුණු 2 කට දැවීගිය අතර ප්‍රවේගකාරී පිතිකරු ක්‍රිස් ගේල්ට පන්දු 9 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් රැස්කරගත හැකි වූයේ ලකුණු 16 ක් පමණි.
පළමුවෙන් පන්දුවට පහරදුන් කුල්නා ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ නායක මහමදුල්ලා පන්දු 36 කදී ලකුණු 59 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි. නස්මුල් හුසේන් හතරේ පහර 3 ක් සමග ලකුණු 20 ක්ද, අරිෆුල් හක් හතරේ පහර 2 ක් සමග ලකුණු 16 ක්ද රැස්කරමින් කුල්නා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
රාංපූර් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ රුබෙල් හුසේන් ලකුණු 35 කට කඩුලු 3 ක් දවාගත් අතර කුල්නා පිතිකරුවන් අසරණ කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ලසිත් මාලිංග ලකුණු 27 කට කඩුලු 2 ක් දවාගත්තේය.
කුල්නා ටයිටන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 158
(නස්මුල් හුසේන් 20, මහමදුල්ලා 59, නිකලස් පූරන් 16, අරිෆුල් හක් 16, රුබෙල් හුසේන් 35/3, ලසිත් මාලිංග 27/2)
රාංපූර් රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 149
(ක්‍රිස් ගේල් 16, රවී බොපාරා 59, නහිදුල් ඉස්ලාම් 58, අෆීෆ් හුසේන් 4/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.