අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයක් ලෙස මහනුවර කිංග්ස්වුඞ් විදුහල සහ ජා ඇල ක්‍රිස්තුරාජ විදුහල අතර ක්‍රිස්තුරාජ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති දෙදින තරගයෙන් කඩුලු 8 ක ජයක් අත්කර ගැනීමට කිංග්ස්වුඞ් විදුහල සමත් විය.
එහිදී කිංග්ස්වුඞ් විදුහලේ අමේෂ් රූපසිංහ (77) අර්ධ ශතකයක් ලබාගත් අතර නෙනුක දිසානායක ලකුණු 39 කට කඩුලු 5 ක් බිඳහෙළමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.
ක්‍රිස්තුරාජ විදුහල් පළමු ඉනිම - ඕවර 47.4 කදී සියලු දෙනා දැවී 184
(ප්‍රමෝද් චතුරංරැ 20, හිරුෂ දුලාංජන 30, අවිෂ්ක නිර්මාල් 39, විෂ්මිත ආලෝක 24, රවිඳු නිම්සර 15, ෂෙහාන් රන්දික නොදැවී 17, නෙනුක දිසානායක 39/5, අමේෂ් රූපසිංහ 64/3)
කිංග්ස්වුඞ් විදුහල් පළමු ඉනිම - ඕවර 65.1 කදී සියලු දෙනා දැවී 221
(ගෞරංග බණ්ඩාර 17, නෙනුක දිසානායක 40, කවිජ ගමගේ 29, අමේෂ් රූපසිංහ 77, සඳරුවන් නවරත්න 20, ෂෙහාන් රන්දික 65/3, නදුක නෙත්මින 94/3, ළහිරු ලක්මාල් 21/2, රවිඳු නිම්සර 32/2)
ක්‍රිස්තුරාජ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 36.4 කදී සියලු දෙනා දැවී 113
(ශාන් නෝනිස් 20, ප්‍රමෝද් චාමික 27, නදුක නෙත්මින 29, යෝසත් අබේකෝන් 09/3, දිල්ෂාන් වීරවංශ 24/3, කවිජ ගමගේ 15/2)
කිංග්ස්වුඞ් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 15 කදී කඩුලු 2 ක් දැවී 77
(ආදිල් ෂෙරීෆ් නොදැවී 40, කවිජ ගමගේ නොදැවී 28)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.