Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා ඇමති සොයා යති

ක්‍රීඩා ඇමති සොයා යති

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය සඳහා නාමයෝජනා බාර ගැනීම ලබන සිකුරාදා (9) අවසන්වීමට නියමිතය. එහෙත් දී රොහාන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සංගම් එකමුතුව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා හා නිලවරණ කමිටුව මුණ ගැසීමට තීරණය කර තිබේ.

කොටුව නාවික හමුදා “ලයිට් හවුස්” නිවස්නයේදී පසුගිය සිකුරාදා (2) විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති රොහාන් ප්‍රනාන්දු පාර්ශ්වය ඔලිම්පික් කමිටුවේ වත්මන් ප්‍රධානින් ජාතික ක්‍රීඩා පනත උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කරන බැවින් ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා වහා මැදිහත් විය යුතු යැයි යෝජනා කර තිබේ.

ඒ අතර නිලවරණ කමිටුවේ වත්මන් කාර්ය භාරය පිළිබඳවත් එම පාර්ශ්වය සාකච්ඡා කර තිබේ.
ශ්‍රී ලංකා ජූඩෝ සම්මේලනයේ උප භාණ්ඩාගාරික ධුරයට පත් ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් ලේකම් මැක්ස්වල් ද සිල්වා හා ශ්‍රී ලංකා හෑන්ඞ්බෝල් (අත්පන්දු) සම්මේලනයේ උපසභාපතිධුරයකට පත් ගාමිණී ජයසිංහ යන මහත්වරුන්ගේ පත්වීම් ක්‍රීඩා පනතට පටහැනි බැවින් ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැතිවරයාගේ වහාම මැදිහත් වීමක් අවශ්‍ය බව එහිදී වැඩි දුරටත් සාකච්ඡා වී තිබේ.

මෙම නිලධාරින් දෙදෙනා ජාතික ක්‍රීඩා සංගම්හි නව තනතුරු සඳහා නාමයෝජනා ඉදිරිපත් කරන අවස්ථාව වනවිට ඔවුන් ඒ වනවිට තනතුරු දරමින් සිටි ජාතික ක්‍රීඩා සංගම් සිය වාර්ෂික ගිණුම් වාර්තා විගණනය කිරීමට අපොහොසත්ව සිටි බැවින් ඔවුන්ට ද රටේ ක්‍රීඩා නීතිය බල පැවැත්විය යුතු බව ජාතික ක්‍රීඩා එකමුතුව අවධාරණය කරයි. ඔලිම්පික් කමිටුවේ ඉහත ප්‍රධානින්ගේ නාමයෝජනා පිළි ගන්නේ නම් ක්‍රීඩා පනත එකම රෙගුලාසියක් උදෙසා දෙවිදියකට ක්‍රියාත්මකවීමෙන් එක් පිරිසකට අසාධාරණයක් සිදුවී ඇතැයි රොහාන් ප්‍රනාන්දු පාර්ශ්වය එහිදී වැඩි දුරටත් චෝදනා කරයි.

එම පාර්ශ්වයේ ප්‍රකාශකයෙකු “ලංකාදීප”යට පැවැසුවේ ජාතික ඔලිම්පික් කමිටුවේ ඇතැම් ප්‍රධානින් රටේ ක්‍රීඩා නීතිය වෙනුවට කැලෑ නීතියක් පෙන්වීමට උත්සහ කරන බැවින් ඊට එරෙහිව ඉදිරියේ දී තවත් දැඩි සටනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි.

ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය එළඹෙන 23 වැනිදා පැවැත්වීමට නියමිතය.

 


අදහස් (0)

ක්‍රීඩා ඇමති සොයා යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.