Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කන්ද උඩරට නිල් මහ සටන විසඳුමකින් තොරයි

කන්ද උඩරට නිල් මහ සටන විසඳුමකින් තොරයි

Nisanka Sandeepani - 2018 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර ත්‍රිත්ව විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 101 වැනි ‘කන්ද උඩරට නිල් මහ සටන’ වාර්ෂික ක්‍රිකට් තරගය ඊයේ (17 වැනිදා) ජය පරාජයෙන් තොරව අවසන් විය. 

ත්‍රිත්ව විදුහලට වඩා ලකුණු 81 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ ශාන්ත අන්තෝනි විදුහල, තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 62 ක් ලබා සිටියේය. ඒ වන විට පන්දුවට පහරදෙමින් සිටි ඩියෝන් ස්ටව්ටර් ලකුණු 27 ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියේය. 

හසිත බෝයගොඩගේ (72) නායකත්වයේ ඉනිම හමුවේ සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 196 ක් රැස්කිරීමට ත්‍රිත්ව විදුහල සමත් විය. ත්‍රිත්ව විදුහල් ඉනිම ගොඩනැගීම සඳහා බෝයගොඩට අනගි සහායක් දුන් ජෙස් වීරසිංහ ලකුණු 37 ක්ද, අෂාන් ලොකුහෙට්ටිගේ ලකුණු 35 ක්ද බැගින් රැස්කළහ. 

ශාන්ත අන්තෝනි විදුහල් කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ නිම්නක ජයතිලක ලකුණු 53 කට කඩුලු 4 ක් දවාගත් අතර නවෝද් විජේකුමාර ලකුණු 35 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. 

කාසියේ වාසිය දිනූ ත්‍රිත්ව විදුහල් කණ්ඩායමේ නායක හසිත බෝයගොඩගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත අන්තෝනි විදුහලට සිය පළමු ඉනිම වෙනුවෙන් රැස්කරගත හැකි වූයේ ලකුණු 115 ක් පමණි. 

එහිදී දක්ෂ පන්දුයැවීමක නිතර වූ තිසරු දිල්ෂාන් ලකුණු 30 කට කඩුලු 4 ක් බිඳහෙළු අතර ශාන්ත අන්තෝනි පළමු ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා දිල්ෂාන්ට අනගි සහායක් දුන් රුවින් පීරිස් ලකුණු 31 කට කඩුලු 3 ක් දවාගත්තේය. 

ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 37.2 කදී සියලු දෙනා දැවී 115 
(නවෝද් විජේකුමාර 32, මොහොමඞ් අෆ්සර් 29, තිසරු දිල්ෂාන් 30/4, රුවින් පීරිස් 31/3) 

ත්‍රිත්ව විදුහල් පළමු ඉනිම - ඕවර 53.3 කදී සියලු දෙනා දැවී 196 
(හසිත බෝයගොඩ 72, ජෙස් වීරසිංහ 37, අෂාන් ලොකුහෙට්ටිගේ 35, නිම්නක ජයතිලක 53/4, නවෝද් විජේකුමාර 35/2) 

ශාන්ත අන්තෝනි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 20 කදී කඩුලු 2 ක් දැවී 62  
(ඩියෝන් ස්ටව්ටර් නොදැවී 27, මොහොමඞ් අෆ්සර් 22)  

 


අදහස් (0)

කන්ද උඩරට නිල් මහ සටන විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.