Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඕෂධ- සචිත්‍ර ශතක ලබාගනිති

ඕෂධ- සචිත්‍ර ශතක ලබාගනිති

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් අට අතර පැවැත්වෙන තරග වටයේ හලාවත මේරියන්ස් සහ සැරසන්ස් කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී අද (25 වැනිදා) ආරම්භවූ තරගයේ පළමු දිනය නිමාවන විටදී කඩුලු 5 ක් දැවී ලකුණු 312 ක් රැස්කිරීමට හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය සමත්විය.

තරගාවලිය පුරාම පිත්තෙන් දස්කම් දැක්වූ ඕෂධ ප්‍රනාන්දු (112) සහ සචිත්‍ර සේරසිංහ (නොදැවී 105) ශතක රැස්කරමින් හලාවත මේරියන්ස් කණ්ඩායම ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත්වූහ.
තවත් තරග 3 ක් කෝල්ට්ස්, පී.සරවණමුත්තු සහ කටුනායක නිදහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණ වලදි අද ආරම්භවූ විය.

 බී.ආර්.සී. කණ්ඩායමේ ශශින් දිල්රංග ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර කෝල්ට්ස් කණ්ඩායමේ නිසල තාරක කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

 

හලාවත මේරියන්ස් සහ සැරසන්ස් කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී

හලාවත මේරියන්ස් 312/5

හලාවත මේරියන්ස් - පළමු ඉනිම - ඕවර 89.5 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 312
(අශේන් සිල්වා 47, ඕෂධ ප්‍රනාන්දු 112, සචිත්‍ර සේරසිංහ නොදැවී 105)

 

බී.ආර්.සී. සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර කටුනායක නිදහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදී

බී.ආර්.සී 310/9

බි.ආර්.සී - පළමු ඉනිම - ඕවර 89 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 310
(හර්ෂ විතාන 41, හෂේන් රාමනායක 66, ශශින් දිල්රංග 124, නිසල තාරක 71/5, ප්‍රභාත් ජයසූරිය 62/2)

 

එන්.සී.සී. සහ රාගම කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

එන්.සී.සී 247, රාගම 55/1

එන්.සී.සී.- පළමු ඉනිම - ඕවර 76.1 කදී සියලුදෙනා දැවී ලකුණු 247
(සඳුන් වීරක්කොඩි 24, චතුරංග ද සිල්වා 90, ෆර්විස් මහරුෆ් 24, චාමික කරුණාරත්න 32, තරිඳු කෞෂාල් නොදැවී 23, ඉශාන් ජයරත්න 46/4, අමිල අපෝන්සු 72/3, ජනිත් ලියනගේ 41/2)
රාගම - පළමු ඉනිම - ඕවර 11 කදී කඩුල්ලක් දැවී ලකුණු 55
(උදාර ජයසුන්දර නොදැවී 26, ශෙහාන් ප්‍රනාන්දු 23)

 

වරාය අධිකාරිය සහ එස්.එස්.සී කණ්ඩායම් අතර පී.සරවණමුත්තු ක්‍රීඩාංගණයේදී

වරාය අධිකාරිය 165, එස්.එස්.සී 186/3

වරාය අධිකාරිය - පළමු ඉනිම - ඕවර 44.2 කදී සියලුදෙනා දැවී ලකුණු 165
(යොහාන් ද සිල්වා 24, යශෝධ ලංකා 21, ගිහාන් රූපසිංහ 36, දසුන් ශානක 26/3, ජෙෆ්රි වැන්ඩසේ 28/3, සචිත්‍ර සේනානායක 40/3)
එස්.එස්.සී - පළමු ඉනිම - ඕවර 43 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 186
(මිනෝද් භානුක 20, කෞශාල් සිල්වා නොදැවී 93, මිලින්ද සිරිවර්ධන 49)

 


අදහස් (0)

ඕෂධ- සචිත්‍ර ශතක ලබාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.