Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එක්දින තරගය විසඳුමකින් තොරයි

එක්දින තරගය විසඳුමකින් තොරයි

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය අතර 17 වැනි ‘සල්පිටි රයිගම් කෝරළ’ හටනට සමගාමීව මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති සිවුවැනි එක්දින තරගය විසඳුමකින් තොරව අද (25 වැනිදා) අවසන්විය.

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය මඳ වේලාවකට නතර කළ පසුව ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දැමීමට විනිසුරුවෝ සහ සංවිධායක මණ්ඩලය තීරණය කළහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පිළියන්දල මැදි විදුහල් කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 217 ක් පමණි.

ඊයේ අවසන්වූ දෙදින තරගයේදීද නොදැවී ශතකයක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ චමෝද් සඳරු අද පැවැති එක්දින තරගයේදීද පිළියන්දල මැදි විදුහල් ඉනිම අවසන් වනතුරු කඩුල්ලේ රැඳී සිටිමින් නොදැවී ලකුණු 80 ක් රැස්කිරීමට සමත්විය. පන්දු 94 කට මුහුණදුන් චමෝද් සඳරුගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.

තිළිණ සාරින්ද ලකුණු 49 කට කඩුලු 2 ක් දවාගැනීමට සමත්විය.
ජයග්‍රහණය සදහා ලකුණු 218 ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි හොරණ තක්ෂිලා මැදි විදුහල් කණ්ඩායමට අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කරනවිට කඩුල්ලක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 18 ක් පමණි.

තරගයේ හොඳම පිතිකරු සහ තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මාන ද්විත්වය පිළියන්දල මැදි විදුහලේ චමෝද් සඳරුට හිමිවූ අතර හොරණ තක්ෂිලා මැදි විදුහලේ තිළිණ සාරින්ද හොඳම පන්දු යවන්නාට හිමි සම්මානයත්, සඳුන් රංග හොඳම පන්දු රකින්නාට හිමි සම්මානයත් දිනාගත්හ.


පිළියන්දල ම.ම.විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 217
(චමෝද් සඳරු නොදැවී 80, සඳුන් සත්සර 42, හේෂාන් මධුශංක 24, තිළිණ සාරින්ද 49/2)

තක්ෂිලා ම.ම.විද්‍යාලය - ඕවර 6 කදී කඩුල්ලක් දැවී ලකුණු 18

 


අදහස් (0)

එක්දින තරගය විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.