Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතා වටයේ දෙවැනි සතිය යටතේ පෙරේදා (06) පැවැති තරගවලදී ඉසිපතන, කොළඹ රාජකීය සහ වෙස්ලි යන විදුහල් ජයග්‍රහණ ලැබීය.
ඉසිපතන විදුහල සහ කොළඹ රාජකීය විදුහල මේ වන විට තරග අටකට සහභාගි වී තරග 7 බැගින් ජය ලබා සිටියි.
සහිරා විදුහල සහ රාජකීය විදුහල අතර මරදානේදී පැවැති තරගයේදී රාජකීය විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 65-14 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
හැව්ලොක්ස් පිටියේදී පැවැති තරගයේදී ඉසිපතන විදුහල් පිල ලකුණු 41-21 කින් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල පරාජය කළේය.
වෙස්ලි විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර තරගය සී. ආර්. පිටියේදී පැවැති තරගයෙන් වෙස්ලි විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 26-14 ක ජයක් ලැබූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.