Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ අන්තර් පාසල් රග්බි තරගාවලියේ මූලික වටය යටතේ ඊයේ (26 වැනිදා) පැවැති තරගයකදී මහනුවර ශ්‍රී සුමංගල විදුහලට එරෙහිව ලකුණු 61-00 දැවැන්ත ජයක් වාර්තා කිරීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය.
කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 30-00 ක් ලෙස ඉසිපතන විදුහල පෙරමුණ ගත්තේය. එහිදී ඉසිපතන ක්‍රීඩකයෝ ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක්, උත්සාහක දිනුම් 4 ක් සහ දඬුවම් පහරක් මගිනි. පළමු අර්ධය පුරාවටම සුමංගල විදුහලට ලකුණු ලබා නොදීමටද ඉසිපතන ක්‍රීඩකයෝ වග බලගත්හ.
දෙවැනි අර්ධයේදී ඊට නොදෙවෙනි ක්‍රීඩා විලාශයක නිරත වූ ඉසිපතන විදුහල ගෝල දිනුම් 3 ක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින් සිය ලකුණු මල්ලට තවත් ලකුණු 31 ක් එක්කර ගනිමින්, විශිෂ්ඨ ජයක් වාර්ථා කළේය. විද්‍යා විදුහල දෙවැනි අර්ධයේදීද ලකුණු ලබාගැනීමට අපොහොසත් වූහ.
කොළඹ වෙස්ලි විදුහල සහ මරදාන ශාන්ත ජෝෂප් විදුහල අතර පෙරේදා (25 වැනිදා) පැවැති මූලික වටයේ තරගයෙන් ජය ලැබූ වෙස්ලි විදුහල අර්ධ අවසන් පූර්ව වටයේදී ඉසිපතන විදුහලේ ප්‍රතිවාදීන් බවට පත්වනු ඇත. එම අර්ධ අවසන් පූර්ව තරගය මැයි මස 4 වැනිදා පස්වරු 4.15 ට කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.