අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ඉබ්බාගමුව මැදි විදුහල සහ මහනුවර ශ්‍රී සුමංගල විදුහල අතර ඉබ්බාගමුව මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ලකුණු 32 ක ජයක් අත්කර ගැනීමට ඉබ්බාගමුව මැදි විදුහල සමත් විය.
එහිදී ශ්‍රී සුමංගල විදුහලේ තේනුක ඒකනායක ලකුණු 17 කට කඩුලු 6 ක්ද, ඉබ්බාගමුව මැදි විදුහලේ මලිත් නෙත්සිරි ලකුණු 23 කට කඩුලු 5 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ඉබ්බාගමුව මැදි විදුහල - ඕවර 48.4 කදී සියලු දෙනා දැවී 150
(තනූජා රත්නායක 54, ප්‍රබුද්ධ ප්‍රේමලාල් 31, ගිම්හාන් බණ්ඩාර 23, තේනුක ඒකනායක 17/6, මාලක සමරනායක 29/2)
ශ්‍රී සුමංගල විදුහල - ඕවර 46 කදී සියලු දෙනා දැවී 118
(නෙරංජන් මැද්දගේ 23, මලිත් නෙත්සිරි 23/5)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.