Last Update  :  2025-09-04 14:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අසෙල් සිගේරා ආනන්දයට ජය ගෙනෙයි

අසෙල් සිගේරා ආනන්දයට ජය ගෙනෙයි

Nisanka Sandeepani - 2017 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මරදාන සහිරා විද්‍යාලයට එරෙහිව කඩුලු 8 ක ජයක් ලබාගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලය පසුගියදා සමත්විය. මෙම තරගය මරදාන සහිරා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පළමු ඉනිමේදී කඩුලු 3 ක් සහ දෙවැනි ඉනිමේදී කඩුලු 7 ක් දවාගත් අසෙල් සිගේරා ලකුණු 69 කට කඩුලු 10 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.

ආනන්ද විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 50.4 කදී සියලුදෙනා දැවී ලකුණු 235

(කමේෂ් නිර්මාල් 46, කණිෂ්ක රංතිලකගේ 41, කළණ විජේසිරි 31, අසෙල් සිගේරා 29, ළහිරු හිරන්ය්‍ය 29, මොහොමඞ් අධිල් 67/5, මොහොමඞ් සැකී 27/2)

සහිරා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 38.4 කදී සියලුදෙනා දැවී ලකුණු 99

(රිද්මික නිමේෂ් නොදැවී 51, අසෙල් සිගේරා 23/2, සනත් දසනායක 18/2, ලක්ෂිත අමරසේකර 28/2)

සහිරා විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 54.2 කදී සියලුදෙනා දැවී ලකුණු 181

(මොහොමඞ් රිෆාත් 42, මොහොමඞ් සැකී 38, මොහොමඞ් ශහදුල්ලා 27, රිද්මික නිමේෂ් 25, අසෙල් සිගේරා 46/7, කළණ විජේසිරි 15/2)

ආනන්ද විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 10.3 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 46

(කවිඳු ගිම්හාන 21, මොහොමඞ් අධිල් 29/2)


අදහස් (0)

අසෙල් සිගේරා ආනන්දයට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.