Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෙම මස අග ආරම්භ කිරීමට සූදානම්ව සිටි අන්තර් සමාජ රග්බි තරගාවලි ‘කොවිඞ් 19’ වයිරස් අවදානම නැවතත් හිස එසවීම හේතුවෙන් කල්දැමීමට සිදුවී ඇති බව ශ්‍රී ලංකා රග්බි තරගාවලි කමිටුවේ සභාපති නසීම් මොහොමඞ් මහතා පැවසීය. ‘කොවිඞ් 19’ වයිරස් අවදානම හේතුවෙන් දේශීය රග්බි තරග මේ වන විට මාස අටක පමණ කාලයක් අත්හිටුවා තිබේ.
ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව නැවත යථාතත්ත්වයට පත්කිරීමේ මූලික පියවර ලෙස ශ්‍රී ලංකා රග්බි සංගමය මෙම මස 30 සහ 31 දෙදින කොළඹදී අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියක් පැවැත්වීමට සූදානමින් සිටියේය.
ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ අනුව රග්බි ක්‍රීඩාව අධි අවදානම් ක්‍රීඩාවක් ලෙස නම් කර තිබේ.
“මම හිතන්නේ නෑ අපිට තරග පවත්වන්න හැකියාව ලැබෙනයි කියලා. රටේ දැන් පවතින තත්ත්වය අනුව රග්බි තරග පවත්වන්න අවසර ලැබීම අවිනිශ්චිතයි. ඒ වගේම මේ තත්ත්වය මත තරග පවත්වලා වයිරස් ව්‍යාප්තියක් ඇති වුවහොත් අපිට දොස් අහන්න වෙයි”
“අපිට තරග ආරම්භ කරන්න මෙම සතියේ අනුමැතිය ලැබෙන්න තිබුණේ. සෞඛ්‍ය බලධාරීන් සමඟ පැවැත්වීමට නියමිතව සාකච්ඡාව වර්තමාන තත්ත්වය හේතුවෙන් අවලංගු කළා. සෞඛ්‍ය බලධාරීන් අපිට කිව්වා පොඞ්ඩක් බලමු කියලා” යැයි නසීම් මහතා වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකා රග්බි සංගමය අන්තර්ජාතික රග්බි සංගමයේ නිර්නායක අනුව රග්බි තරග පැවැත්වීමට ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන්ගෙන් අවසර ඉල්ලා තිබුණි. අන්තර්ජාතික රග්බි සංගමයට අනුව කිසියම් රටක පාසල් විවෘත කර තිබීම සහ සුපිරි වෙළෙඳ සැල් විවෘත කර තිබීම රග්බි තරග පැවැත්වීමට හොඳ තත්ත්වයක් ලෙස සළකයි.
ශ්‍රී ලංකාවේ මේ වන විට සියලුම පාසල්, උපකාරක පංති සහ විශ්වවිද්‍යාල කිහිපයක් වසා තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.