Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික වෙරළ වොලිබෝල් තරගමාලාවට වාර්තාගත කණ්ඩායම් ගණනක්

ජාතික වෙරළ වොලිබෝල් තරගමාලාවට වාර්තාගත කණ්ඩායම් ගණනක්

editorial - 2023 මැයි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මීගමුව වෙරළ තීරයේදී අද (19) ආරම්භ වන ජාතික ශූරතා ‘සන්ක්වික්’ කුසලාන වෙරළ වොලිබෝල් තරග මාලාවට වාර්තාගත කණ්ඩායම් ගණනක් ඉදිරිපත්ව සිටිති. එය ගණනින් කණ්ඩායම් 225 ක් ඉක්මවයි.

මෙරට දේශීය වෙරළ වොලිබෝල් තරගාවලියකට මෙතෙක් ඉදිරිපත් වූ වැඩිම ගණන මෙයයි.

 මීගමුව ‘වෙරළ උදාන’ තීරුවේ සකස් කරන ලද ක්‍රීඩාංගණ නවයකදී අද සිට ලබන ඉරිදා (19-20-21) දක්වා තරග මාලාව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 එය ඉසව් අටකින් සමන්විතය. විවෘත වයස 22 න් පහළ, 16 න් පහළ හා 19 න් පහළ කාන්තා හා පිරිමි ඉසව් එහිදී පැවැත්වේ. සියලු ඉසව්හි ජයග්‍රාහි කණ්ඩායම් සඳහා ‘සන්ක්වික්’ ආයතනයේ අනුග්‍රහයෙන් රුපියල් 50000 සිට මුදල් ත්‍යාග ප්‍රදානය කෙරේ.

 අවසන් මහ තරග ඉරිදා පස්වරු 3 සිට පැවැත්වීමට කටයුතු යොදා ඇත. වයස 19 න් පහළ ඉසව්ව සඳහා එහිදී වැඩිම කණ්ඩායම් ගණනක් (45) ඉදිරිපත්ව සිටීම කැපී පෙනේ.

සමාරම්භක උත්සවය අද පෙරවරුවේදී ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් සංගමයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ජයසංකේත ප්‍රදානෝත්සවය හා අවසන් මහ තරග ඉරිදා පස්වරු 3 ට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව මීට පෙර ජාත්‍යන්තර වෙරළ වොලිබෝල් තරග මාලා දෙකක සත්කාරය දරා ඇති බැවින් මෙම දේශීය තරග මාලාව වඩාත් සංවිධානාත්මකව පැවැත්වීමට හැකියාව ලැබී තිබෙන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ හා ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් සංගමයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පවසයි.


අදහස් (0)

ජාතික වෙරළ වොලිබෝල් තරගමාලාවට වාර්තාගත කණ්ඩායම් ගණනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.