Last Update  :  2024-05-09 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ෆකර් සමාන් පාකිස්තානු බලාපොරොත්තු රැකගනී
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

ෆකර් සමාන් පාකිස්තානු බලාපොරොත්තු රැකගනී

editorial - 2023 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ෆකර් සමාන් ලබාගත් ප්‍රචණ්ඩ ශතකය (නොදැවී 126) නිසා ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු තවදුරටත රඳවාගැනීමට පාකිස්තානුවන්ට හැකිවිය. බැංගලූරු නුවරදී අද පැවැති ලෝක කුසලාන තරගයේදී පාකිස්තානු කණ්ඩායම ලකුණු 402  ක ඉලක්කයක් කරා ගියද වර්ෂාවෙන් බාධා පැමිණි හෙයින් පාකිස්තානුවන්ගේ සංශෝධිත ඉලක්කය වූයේ ඕවර 41 කින් ලකුණු 342 කි. 

වර්ෂාව නිසා තරගය නතර කරන විට පාකිස්තානුවෝ ඕවර 25.3 කදී කඩුල්ලක් පමණක් දැවී ලකුණු 200 ක් ලබා සිටියහ. ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ඒ වන විට පාකිස්තානු කණ්ඩායම ලකුණු 21 ක් ඉදිරියෙන් සිටියේය. 

පන්දු 81 කට පමණක් මුහුණ දුන් වමත් පිතිකරුවාගේ ඉනිම හයේ පහර 11 කින් සහ හතරේ පහර 8 කින් සමන්විත විය. පළමු වරට වර්ෂාවෙන් බාධා පැමිණෙන විට පාකිස්තානු කණ්ඩායම ඕවර 21.3 කදී කඩුල්ලක් දැවී ලකුණු 160 ක් ලබා සිටියේය. තරගය යළි ආරම්භ වූ වහාම ඉෂ් සෝධිගේ ඕවරයකදී හයේ පහර 3 ක් ද සමගින් ලකුණු 20 ක් ලබාගැනීමට සමාන් සමත් වූයේය. 

සමාන් සහ නායක බාබර් අසාම් (නොදැවී 66) සමාන් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති අඛණ්ඩ සම්බන්ධතාව ලකුණු 194 කි. 

පාකිස්තානු පන්දු යවන්නන්ගේ ඔද තෙද බිමට සමතලා කළ රචින් රවීන්ද්‍ර (108) සහ කේන් විලියම්සන් (95) දෙදෙනා පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත ඕවර 50 නිමාවේදී කඩුලු 6 ක් දැවී ලකුණු 401 කරා යාමට අඩිතාලමක් දමා දුන්හ. එය රචින් රවීන්ද්‍රගේ තුන්වැනි ලෝක කුසලාන ශතකය විය. 

ආරම්භක පිතිකරුවන් වූ ඩෙවොන් කොන්වේ (35) සහ රචින් රවීන්ද්‍ර එක්ව ප්‍රහාරාත්මක පිතිහරඹයක යෙදෙමින්, පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 65 කදී ලකුණු 68 ක සම්බන්ධතවක් ගොඩනැංවූහ. කොන්වේ දැවී ගිය පසුව එක්වූ නායක කේන් විලියම්සන් සහ රවීන්ද්‍ර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 180 ක සම්බන්ධතාවක් ගොඩනඟමින්, 35 වැනි ඕවරයේදී 250 කඩයිම පසුකළහ. එතැන් සිට ඉතිරි ඕවර 15 න් නවසීලන්තයට ලකුණු 150 ක් එක්වූයේ ආසන්න වශයෙන් ඕවරයකදී ලකුණු 10 ක වේගයක් රඳවා ගනිමිනි. 

පන්දු 94 කට මුහුණ දුන් රවීන්ද්‍ර සිය ඉනිමට හතරේ පහර 15 ක් සහ හයේ පහරක් ඇතුළත් කළේය. නායක විලියම්සන්ගේ පන්දු 79 ඉනිමෙන් හතරේ පහර 10 ක් සහ හයේ පහරක් ද ඇතුළත්ව, ලකුණු 95 ක් ගලා ආවේය. 
36 වැනි ඕවරය වන විට රවීන්ද්‍ර මෙන්ම විලියම්සන් ද පිටියෙන් ඉවත්ව ගොස් සිටි නමුත් නවසීලන්ත මැද පෙළ පිතිකරුවෝ ඉවක් බවක් නැතිව පාකිස්තානු පන්දු යවන්නන්ට පහර දෙමින් ලකුණු 400 කඩයිම පැනගත්හ. 
අද තරගය පරාජය වුවහොත් අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා පාකිස්තානුවන්ට ඇති දොරටුව අඩක් වැසී යනු ඇත. 

පාකිස්තානයේ අංක එකේ පන්දු යවන්නා වන ශහීන් ෂා අෆ්රීඩිගෙන් ලකුණු 90 ක් උදුරාගත් නවසීලන්ත පිතිකරුවෝ හසන් අලී (82/1) සහ හාරිස් රවුෆ් (85/1) දෙදෙනාගෙන්ද ලකුණු 186 ක් උදුරා ගත්හ. 


නවසීලන්තය - ඕවර 50 කදී කඩුලු 6 ට 401 යි
(ඩෙවොන් කොන්වේ 35, රචින් රවීන්ද්‍ර 108, කේන් විලියම්සන් 95, ඩැරිල් මිචෙල් 29, මාක් චැප්මන් 39, ග්ලෙන් පිලිප්ස් නොදැවී 41, මිචෙල් සෑන්ට්නර් නොදැවී 26)

පාකිස්තානය - ඕවර 25.3 කදී කඩුලු 1 ක් දැවී 200 යි
(ෆකර් සමාන් නොදැවී 126, බාබර් අසාම් නොදැවී 66)

- 213


අදහස් (0)

ෆකර් සමාන් පාකිස්තානු බලාපොරොත්තු රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.