Last Update  :  2025-09-15 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International සිම්බාබ්වේට කඩුලු 5 ක ජයක්
දෙවැනි විස්සයි-20 තරගය

සිම්බාබ්වේට කඩුලු 5 ක ජයක්

editorial - 2025 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හරාරේ නුවරදී අද (6 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී කඩුලු 5 ක පහසු ජයක් අත්කරත් සිම්බාබ්වේ කණ්ඩායම තරග 3 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙසින් සමකළේය. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 80 කට දවාගත් සිම්බාබ්වේ ක්‍රීඩකයෝ ඕවර 14.2 කදී කඩුලු 5 කට ලකුණු 84 ක් ලබාගනිමින් තරගය ජයග්‍රහණය කළහ. 

සටන්කාමී පන්ද යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර (19/3) සහ මහීෂ් තීක්‍ෂණ (28/1) හමුවේ සිම්බාබ්වේ කඩුලු 5 ක් ලකුණු 61 කට බිඳ වැටිණ. එහෙත් රයන් බර්ල් (නොදැවී 20) සහ ටශින්ගා මුසේකිවා (නොදැවී 21) එක්ව සිම්බාබ්වේ පිල ජයටැඹ කරා කැඳවාගෙන ගියහ. 

ශ්‍රී ලංකා කණ්ඩායම අද දැවී ගිය ලකුණු සංඛ්‍යාව (80) විස්සයි-20 අන්තර්ජාතික ඉතිහාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායමක් දැවී ගිය දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා වේ. 

කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් අතර ඕවර 7 ක් ඇතුළත ලකුණු 38 කට කඩුලු 5 ක් බිඳ වැටිණ. එතැන් සිට ශ්‍රී ලංකාවට හිස එසවීමේ කිසිම අවස්ථාවක් සිම්බාබ්වේ ක්‍රීඩකයන්ගෙන් නොලැබිණ. ඕවර 2.2 ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම සම්පූර්ණයෙන්ම දවා ගනිමින් බ්‍රැඩ් එවන්ස් (15/3) සහ සිකන්දර් රාසා (11/3) අති විශිෂ්ට පන්දු යැවීමක නිතර වූහ. 

සිම්බාබ්බේ ක්‍රීඩකයන්ගේ පන්දු රැකීම ඉතාමත් ඉහළ මට්ටමක පැවැති අතර ඔවුන්ගෙන් පන්දු යවන්නන්ට ලැබුණේ විශිෂ්ට සහයෝගයකි. 

වසර 3 කට පසුව ශ්‍රී ලංකා පිලට එක්වූ කමිල් මිෂාර (20), නායක චරිත් අසලංක (18) සහ හිටපු නායක දසුන් ශානක (15) පමණක් ඉලක්කම් දෙකකින් ලිවිය හැකි ලකුණු සංඛ්‍යාවක් ලබාගත්හ. 

වසර 2006 සිටම විස්සයි-20 අන්තර්ජාතික තරග වලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසරේ ජූනි මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයේදී පැවැති විස්සයි-20 තරගයකදී දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ ලකුණු 77 කට දැවී ගියේය. 

 


අදහස් (0)

සිම්බාබ්වේට කඩුලු 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.