Last Update  :  2025-09-12 23:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකාවෙන් පළපුරුදු කණ්ඩායමක්
කාන්තා ලෝක කුසලාන

ශ්‍රී ලංකාවෙන් පළපුරුදු කණ්ඩායමක්

editorial - 2025 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


මේ මස අගදී ආරම්භ වන කාන්තා ලෝක කුසලාන (එක්දින) තරගාවලියේදී පළපුරුදු ක්‍රීඩිකාවන් 15 දෙනකු ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තෝරාගනු ලැබ ඇත. 

එක්දින තරග 115 ක පළපුරුදුකම් ඇති චමරි අතපත්තු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව වශයෙන් කටයුතු කරන අතර කණ්ඩායමේ කඩුලු රකින්නිය මෙන්ම උපනායිකාව ද වන අනුෂ්කා සංජීවනී සහභාගි වී ඇති එක්දින තරග සංඛ්‍යාව 45 කි. 

කාන්තා ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය මේ මස 30 වැනිදා ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවහටි නුවරදී පැවැත්වෙයි. කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම් 8 ක් තරග වදින අතර ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේදී තරග 7 කට සහභාගි වෙයි. ඒවායින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර (සැප්තැම්බර් 30 වැනිදා) තරගයත් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර (ඔක්තෝබර් 20 වැනිදා) තරගයත් ඉන්දියාවේදී පැවැත්වේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ අනෙක් තරග 5 ම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

ඊට අමතරව පාකිස්තානු කණ්ඩායම ඉන්දියාවට නොයන බැවින් පාකිස්තානු කාන්තා කණ්ඩායමේ තරග සියල්ලම ද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

යම් හෙයකින් පාකිස්තානු කාන්තා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගතහොත් එම අවසන් පූර්ව තරගයද කොළඹදී පැවැත්වීමට නියමිතය. තරගාවලියේ අවසන් තරගය නොවැම්බර් මස 2 වැනිදා පැවැත්වේ. 


ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම
චමරි අතපත්තු (නායිකාව), අනුෂ්ක සංජීවනී, හසිනි පෙරේරා, විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, නිලක්‍ෂි ද සිල්වා, ඉමේෂා දුලානි, දෙව්මි විහංගා, පියුමි වත්සලා, ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරි, උදේශිකා ප්‍රබෝධනී, මල්කි මදාරා සහ අචිනි කුලසූරිය, 
අතිරේක ක්‍රීඩිකාව - ඉනෝෂි ප්‍රනාන්දු

 


අදහස් (0)

ශ්‍රී ලංකාවෙන් පළපුරුදු කණ්ඩායමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.