Last Update  :  2024-05-09 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා පිල පුහුණු සැසිය අතහැර දමයි
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

ශ්‍රී ලංකා පිල පුහුණු සැසිය අතහැර දමයි

editorial - 2023 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද දිල්ලි නුවර සිට..)
මේ වන විට දිල්ලි නුවර පවතින දැඩි වායු දූෂණ තත්වය හේතුවෙන් අද (4 වැනිදා) පැවැත්වීමට නියමිත තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු සැසිය අතහැර දැමීමට සිදුව තිබේ. 


පවතින තත්වය මත දිල්ලි නුවර අරුණ් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී පුහුණුවීම්වල නිරත වීම නුසුදුසු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍ය කණ්ඩායම නිර්දේශ කිරීමත් සමඟ මෙම පුහුණු සැසිය  අවලංගු කිරීමට කණ්ඩායමේ කලමනාකාරීත්වය කටයුතු යොදා තිබේ.

කෙසේ වුවත් බංගලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මූලික වටයේ තරගයට පෙර දින, එනම් හෙට (5 වැනිදා) දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි පුහුණු සැසියට සහභාගි වීමට නියමිතය. එම පුහුණු සැසිය හෙට පස්වරු 6.00 සිට රාත්‍රී 9.00 දක්වා පැවැත්වීමට නියමිත අතර එය ආරම්භවීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ නියෝජිතයෙක් පස්වරු 5.30 ට මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වීමටද නියමිතය.

කෙසේ දෙවැනි පුහුණු සැසිය හෝ තරගය පැවැත්වීමට උචිත තත්වයක් උදා නොවුණහොත් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරගය ලක්නව් ක්‍රීඩාංගණයට හෝ පූනේ ක්‍රීඩාංගණයට ගෙන යෑම කෙරෙහි අන්තර්ජාතික ක්‍රිකට් සභාව අවධානය යොමු කරමින් සිටිනබව වාර්තා වේ.


අදහස් (1)

ශ්‍රී ලංකා පිල පුහුණු සැසිය අතහැර දමයි
  • වීර Sunday, 05 November 2023 09:38 AM

    ඔයාලා පුහුණු වෙන්න ඕනෑ නැහැ. ඔය තියන පුහුණුව මදෑ.. කෙල්ලෝ ටික යවන්නම්...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.