Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International වයස 19න් පහළ කාන්තා ලෝක කුසලානයට ශ්‍රී ලංකාවත්

වයස 19න් පහළ කාන්තා ලෝක කුසලානයට ශ්‍රී ලංකාවත්

editorial - 2022 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රටවල් 16 ක සහභාගීත්වයෙන් පළමු වරට පැවැත්වෙන වයස 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම සුදුසුකම් ලබා ඇත. ඒ තරගාවලියට කෙළින්ම නිර්දේශ ලබාගත් 11 ක් යටතේය. විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය 2023 ජනවාරි සිට දකුණු අප්‍රිකාවේදී පැවැත්වේ. ඊට තවත් රටවල් 5 ක් නිර්දේශ කරගැනීමේ තේරීම් තරගාවලියක් හෙට (3 වැනිදා) සිට ආරම්භ වේ.

වයස 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලානය තරගාවලිය 2021 දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් කල්දැමීමට සිදුවිය. ලබන වසරේ පෙබරවාරී මාසයේදී දකුණු අප්‍රිකාවේදීම පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර වයස 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන බැවින් කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට එය උත්තේජනයක් වනු ඇත.

වයස 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ඕස්ටේ්‍රලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, නවසීලන්තය, පකිස්ථානය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ යන පූර්ණ සාමාජික රටවල් 11 ක් කෙලින්ම සුදුසුකම් ලබා තිබේ. 

ඉතිරි ස්ථාන 5 න් හතරක් කලාපීය සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියකින් තෝරා ගනු ලැබේ. අයි.සී.සී නිර්ණායක යටතේ ඇමරිකානු කලාපයෙන් සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට තේරී ඇති එකම සහකාර රට ඇමරිකාව හේතුවෙන් පස්වන ස්ථානය කෙලින්ම ඔවුන් වෙත පිරිනමා තිබේ.

මෙම තරඟාවලිය ලොව පුරා සිටින තරුණියන්ට ඔවුන්ගේ දක්ෂතා පෙන්වීමට අවස්ථාවක් ලබා දෙන අතර කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනයට සහ ජනප්‍රියත්වයටද හේතු වනු ඇත.

”ජ්‍යෙෂ්ඨ ඉසව්වට කලින් දකුණු අප්‍රිකාවේදී වයස 19 න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලානය පැවැත්වීමෙන් තරුණ ක්‍රීඩිකාවන්ගේ දියුණුවට සහාය වීමට හැකිවීම ගැන අපි සතුටට පත්වෙනවා,” යයි ද අයි.සී.සී තරග ඉසව් ප්‍රධානී ක්‍රිස් ටෙට්ලි මහතා පැවසීය.

”අයි.සී.සී වසය 19 න් පහළ යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ලොව හොඳම යොවුන් ක්‍රීඩකයන් බොහෝ දෙනෙකුගේ අඩිතාලම වී ඇත. එබැවින් වයස 19 න් පහළ කාන්තා ලෝක කුසලාන මංගල තරගාවලිය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනයට හේතුවන බව අපට විශ්වාසයි” 

හෙට සිට 9 වැනිදා දක්වා මැලේසියාවේ පැවැත්වෙන ආසියානු සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ආරම්භ වන සුදුසුකම් ලැබීමේ තරගාවලි සමඟින්, ආසියාව, යුරෝපය, නැගෙනහිර ආසියා-පැසිෆික් සහ අප්‍රිකානු කළාප වලින් ස්ථාන 4 ක් සඳහා කණ්ඩායම් 19 ක් සටන් කරනු ඇත.

භූතානය, මැලේසියාව, නේපාලය, තායිලන්තය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආසියානු කළාපයෙන් සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්වන කණ්ඩායම් වේ. මැලේසියාවේ පැවැත්වෙන තරඟ 15 කින් පසුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම ප්‍රධාන ඉසව්වේ සිය ස්ථානය තහවුරු කර ගනී.

යුරෝපා කළාපයෙන් සුදුසුකම් ලබාගැනීමට නෙදර්ලන්තය සහ ස්කොට්ලන්තය තරග වඳින අතර නැගෙනහිර ආසියා-පැසිෆික් කළාපයෙන් ඉන්දුනීසියාව සහ පැපුවා නිව්ගිනියාව තරග වඳිනු ලැබේ. බොස්ට්වානා, මලාවී, මොසැම්බික්, නැමීබියා, නයිජීරියා, රුවන්ඩා, සීරා, ලියෝන්, ටන්සානියා, උගන්නඩා යන රටවල් 9 ක සහභාගීත්වයෙන් බොස්ට්වානාහිදී අප්‍රිකානු කාළාපය වෙනුවෙන් සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට ක්‍රිඩා කරයි.

සහභාගී වන කණ්ඩායම් සියල්ලම අයි.සී.සී වසය 19 න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වරට තරඟ වැදීමෙන් ක්‍රිකට් ඉතිහාසයට එක්වනු ඇත. 

- 2079


අදහස් (0)

වයස 19න් පහළ කාන්තා ලෝක කුසලානයට ශ්‍රී ලංකාවත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.