Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International රූට් - ස්ටෝක්ස් එංගලන්තය ඉලක්කයට ගෙනයති
බ්‍රිජ්ටවුන් ටෙස්ට් තරගය

රූට් - ස්ටෝක්ස් එංගලන්තය ඉලක්කයට ගෙනයති

editorial - 2022 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉලක්ක කළ පරිදිම, ලකුණු 500 කඩයිම පසුකිරීමත් සමගින් බාර්බඩෝස්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී එංගලන්තය සිය මුල් ඉනිම අවසන් කළේය. තරගයේ දෙවැනි දිනය වූ බ්‍රහස්පතින්දා කඩුලු 9 ක් දැවී ලකුණු 507 ක් ලබාගත් එංගලන්තය වෙනුවෙන් යැවූ දෙවැනි පන්දුවේදීම කඩුල්ලක් දවාගැනීමට කෝඩුකාර මැතිව් ෆිෂර්ට හැකිවිය.

කොදෙව්වන්  දිනය නිමාකළේ කඩුල්ලක් දැවී ලකුණු 71 ක් ලබාගනිමිනි.

නායක ජෝ රූට් (153) සහ බෙන් ස්ටෝක්ස් (120) ලබාගත් ශතක දෙකින් සවිමත් වූ සංචාරකයෝ දිනය අවසන් වන විටත් කොදෙව් පිලට වඩා ලකුණු 436 ක් ඉදිරියෙන් සිටියහ. ඕවර 27 කින් එංගලන්තය අපේක්‍ෂා කළ තරම් කඩුලු නොලැබුණත්, ලකුණු 500 කඩයිම පැනගැනීමත් සමගින් එංගලන්තය තරගයේ පරාජයෙන් ඈත් වූයේය.

සුපුරුදු තැන්පත් ලීලාවෙන් පන්දු 316 කට මුහුණ දුන් එංගලන්ත නායකයා ලකුණු 153 ක් ලබාගත් නමුත්, තවත් ටෙස්ට් ඉනිම 11 කදී ජෝ රූට් ඊට වඩා ලකුණු ලබාගෙන තිබේ.
තේ පානයට මඳ වේලාවකට පෙර බෙන් ස්ටෝක්ස් පන්දු 114 කින් සිය 11 වැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කළේය. ඒ සමගම ඔහු ටෙස්ට් ලකුණු 5000 කඩයිමද පසුකර ගියේය. පන්දු 128 කට මුහුණ දුන් වමත් පිතිකරුවා, ඒවායින් 17 ක් පිටියේ සීමාවෙන් එපිටට යැවූයේ හයේ පහර 6 ක්ද ඊට ඇතුළත් කරමිනි. මේ ස්ටෝක්ස්ගේ තුන්වැනි වේගවත්ම ටෙස්ට් ශතකයයි. මීට පෙර ස්ටෝක්ස් පන්දු 85 කින් නවසීලන්තයට එරෙහිවද, පන්දු 105 කින් දකුණු අප්‍රිකාවට එරෙහිවද ශතක ලබා තිබේ.

දඟ පන්දු යවන්නා වූ වීරසාමි පෙරුමාල් සහ වේග පන්දු යවන්නා වූ අල්සාරි ජෝෂප් දෙදෙනාම පන්දු යැවීමෙන් පන්නා දැමූ ස්ටෝක්ස්, ලකුණු 23 සිට 89 දක්වා ළඟවූයේ පන්දු 37 කිනි.

කෝඩුකාර මැතිව් ෆිචර්ගේ පළමු පන්දුවම, වමත් පිතිකරු ජෝන් කැම්බල් විසින් හතරේ සීමාවෙන් එපිටට යවන ලද නමුත්, දෙවැන්න කැම්බල්ගේ පිත්තේ යාන්තමින් වැදී කඩුලු රකින්නා වූ බෙන් ෆෝක්ස් වෙත ඇදී ගියේය.

එංගලන්තය වෙනුවෙන් මැතිව් ෆිෂර්ගේ තෝරාගැනීම ඔහුගේ මවටත්, සහෝදරයන්ටත් ඔට්ටු දිනුමක් විය. මීට වසර 10 කට ඉහතදී, මැතිව් යන්තම් 14 හැවිරිදි වියේ සිටියදී, ඔහුගේ මවත් සොහොයුරන් කිහිප දෙනාත් මැතිව් වෙනුවෙන් ඔට්ටුවක් තැබූහ. ඒ කවදා හෝ දිනෙක මැතිව් එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන බව කියමිනි. ඒ වෙනුවෙන් පැවැති ඔට්ටු අනුපාතය වූයේ 50 : 1 කි.

මැතිව් යෝක්ෂයර් පිල නියෝජනය කළේ යන්තම් 15 වැනි වියේදීය. එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩසන්ගේ අනුරුවක් බඳු මැතිව් ෆිචර් එංගලන්ත ටෙස්ට් පිලට එක්ව සිටින්නේ ඇන්ඩසන් වෙනුවටය.


එංගලන්තය - පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 507 යි
(ඇලෙක්ස් ලීස් 30, ජෝ රූට් 153, ඩැනියෙල් ලෝරන්ස් 91, බෙන් ස්ටෝක්ස් 120, ජොනී බෙයාර්ස්ටෝ 20, බෙන් ෆෝක්ස් 33, ක්‍රිස් වෝක්ස් 41, කෙමර් රෝච් 68/2, වීරසාමි පෙරුමාල් 126/3)

බටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම - කඩුල්ලක් දැවී 71 යි
(ක්‍රෙග් බ්‍රැත්වෙයිට් 28, ෂෙමාරා බෲක්ස් 31, මැතිව් ෆිචර් 18/1)

- 213

 


අදහස් (0)

රූට් - ස්ටෝක්ස් එංගලන්තය ඉලක්කයට ගෙනයති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.