Last Update  :  2024-06-16 11:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International බෙංගලූරු ක්‍රීඩකයෝ අවසන් වටයට
අයි.පී.එල්. - 2024

බෙංගලූරු ක්‍රීඩකයෝ අවසන් වටයට

editorial - 2024 මැයි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 68 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලේන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම අතර බෙංගලූරු නුවර එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී ඊයේ (18 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 27 ක ජයක් වාර්තා කිරීමට බෙංගලූරු කණ්ඩයම සමත් විය. 

මෙම ජයත් සමග මෙවර අයි.පී.එල්. තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබූ සිවුවැනි කණ්ඩායම බවට පත්වීමටද බෙංගලූරු කණ්ඩායමට හැකි විය. ක්‍රීඩා කළ මුල් තරග 8 න් එක් තරගයක් පමණක් ජයගෙන සිටි බෙංගලූරු ක්‍රීඩකයෝ අවසන් වටයට සුදුසුකම් ලැබූවේ සෙසු තරග 6 පිට පිටම ජයගනිමිනි. 

ඉකුත් වසරේ පැවැති තරගාවලියේ ශූරතාවද ඇතුළුව මේ දක්වා අයි.පී.එල්. ශූරතා 5 ක් සහ අනු ශූරතා 5 ක් දිනා සිටින චෙන්නායි කණ්ඩායම තරගාවලියක මූලික වටයෙන්ම ඉවත්වූ තෙවැනි අවස්ථාව මෙය විය. බෙංගලූරු කණ්ඩායම හමුවේ ඊයේ ලැබූ පරාජයත් සමග චෙන්නායි ක්‍රීඩකයන්ට මෙවර තරගාවලියේ 5 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවූහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 219 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගක හැකි වූයේ ලකුණු 191 ක් පමණි. රවින්ද්‍ර ජදේජා පන්දු 22 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 42 ක් රැස්කළ නමුත් ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි වූහ. 
ආරම්භක පිතිකරු රචින් රවින්ද්‍ර පන්දු 37 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 6 ක්ද, මහේන්ද්‍ර සිං දෝනි පන්දු 13 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 25 ක්ද රැස්කරමින් චෙන්නායි කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන ආහ. එහෙත් රුතුරාජ් ගයික්වාඞ් (0), ඩැරිල් මිචෙල් (4) සහ ශිවම් ඩූබේ (7) අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී යෑම චෙන්නායි කණ්ඩායමට විශාල පාඩුවක් විය.  

පළමුවෙන් පන්දුවට පහරදුන් බෙංගලූරු කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 218 ක් ලබාගත් අතර බෙංගලූරු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක ෆෆ් ඩුප්ලෙසි පන්දු 39 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 54 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත් විය. 

ආරම්භක පිතිකරු විරාට් කෝලි හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමග පන්දු 20 කින් ලකුණු 47 ක්ද, රජිත් පටීදාර් හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමග පන්දු 23 කින් ලකුණු 41 ක්ද රැස්කළහ. පන්දු 17 කට මුහුණදුන් කැමරන් ග්‍රීන් හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 38 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය.  

 

රෝයල් චැලේන්ජර්ස් බෙංගලූරු පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 218 
(විරාට් කෝලි 47, ෆෆ් ඩුප්ලෙසි 54, රජිත් පටීදාර් 41, කැමරන් ග්‍රීන් නොදැවී 38, දිනේෂ් කාර්තික් 14, ග්ලේන් මැක්ස්වෙල් 16, ශර්ධුල් ඨාකුර් 61/2) 

චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 191 
(රචින් රවින්ද්‍ර 61, අජින්ක්‍යා රහනේ 33, රවින්ද්‍ර ජදේජා නොදැවී 42, මහේන්ද්‍ර සිං දෝනි 25, යෂ් දයාල් 42/2) 

-036 


අදහස් (0)

බෙංගලූරු ක්‍රීඩකයෝ අවසන් වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.