Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International බංග්ලාදේශයත් ඉන්දියාව පරදවයි

බංග්ලාදේශයත් ඉන්දියාව පරදවයි

editorial - 2022 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 

දෙවැනි එක්දින තරගයේදීත් ඉන්දියාව ලකුණු 5 කින් පරාජය කළ බංග්ලාදේශය තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙසින් එක්දින තරගාවලිය ජයගත්තේය. බංග්ලාදේශයේ ඩකා නුවරදී අද (07 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී ලකුණු 272 ක ඉලක්කයක් කරා ගිය ඉන්දීය කණ්ඩායමට ඕවර 50 ක් අවසානයේදී කඩුලු 9 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 266 ක් පමණි.

පළමු එක්දින තරගයේදී බංගලාදේශය කඩුල්ලක තියුණු ජයක් ලබාගත්තේය.

නායක රෝහිත් ෂර්මා හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සමගින් පන්දු 28 කදී ලකුණු 51 ක් ලබාගත් නමුත් ඉන්දියාව ජයග්‍රහණය කරා කැඳවාගෙන යා නොහැකි විය. ඉන්දීය පිලේ හිටපු ආරම්භක පිතිකරුවාද වන රෝහිත් පිතිකරු ලයිස්තුවේ 9 වැනි පිතිකරුවා වශයෙන් පැමිණීම විශාල ප්‍රශ්නාර්ථයක් මතුකරන්නක් විය.

අවසන් ඕවර 3 දී ලකුණු 40 ක් උදුරාගත් බංග්ලාදේශ පිතිකරුවෝ, නියමිත ඕවර 50 නිමාවන විට කඩුලු 7 ක් දැවී ලකුණු 271 ක් ලබාගත්හ. අවසන් ඕවරය ආරම්භ වන විට නොදැවී ලකුණු 85 ක් ලබා සිටි මෙහෙදි හසන් මිරාස් පන්දු 5 කින් ලකුණු 15 ක් ලබාගනිමින් සිය මංගල එක්දින ශතකය ලබාගත්තේය.

පළමුවෙන් පිතිහරඹය තෝරාගත් නමුත් බංග්ලාදේශ පිලේ කඩුලු 6 ක් ලකුණු 69 කට බිඳ වැටිණ. එහෙත් මෙහෙදි හසන් සහ හිටපු නායක මහමදුල්ලා එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 148 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් බංග්ලාදේශය ශක්තිමත් ස්ථානයක් කරා කැඳවාගෙන ගියහ. පළමු එක්දින තරගයේදීත් අවසන් පිතිකරුවා සමගින් එක්ව 10 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ මෙහෙදි හසන්, එම තරගයේදීත් බංග්ලාදේශය ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය.

එම ජයග්‍රහණය නිසා තරග 3 කින් සමන්විත තරගාවලියේදී බංග්ලාදේශය 1-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටී.

බංග්ලාදේශ ඉනිමේ අවසන් පන්දුවේදී ලකුණක් ලබාගනිමින් සිය ශතකය සම්පූර්ණ කළ මෙහෙදි හසන්ගේ පන්දු 83 ඉනිම හතරේ පහර 8 කින් සහ හයේ පහර 4 කින් සමන්විත විය. ඒවායින් හයේ පහර 3 ක්ම අවසන් ඕවර තුනේදී ගැසූ ඒවා විය.


බංග්ලාදේශය - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 271 යි
(අනමුල් හක් 11, නජ්මුල් හොසේන් සන්ටෝ 21, මුෂ්ෆිකුර් රහීම් 12, මහමදුල්ලා 77, මෙහෙදි හසන් මිරාස් නොදැවී 100, නසුම් අහමඩ් 18, මොහොමඩ් සිරාජ් 73/2, උම්රන් මලික් 58/2, වොෂිංටන් සුන්දර් 37/3)

ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 266
(ශ්‍රෙයාස් අයියර් 82, වොෂිංටන් සුන්දර් 11, ලෝකේෂ් රාහුල් 14, අක්ෂර් පතෙල් 56, දීපාක් චහාර් 11, රෝහිත් ෂර්මා නොදැවී 51, මෙහෙදි හසන් මිරාස් 46/2, එබාදත් හොසේන් 45/3, සකිබ් අල් හසන් 39/2)

 

- 213

 


අදහස් (0)

බංග්ලාදේශයත් ඉන්දියාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.