Last Update  :  2024-05-10 23:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International බංගලියන්ගෙන් ලජ්ජා සහගත වැඩක්
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

බංගලියන්ගෙන් ලජ්ජා සහගත වැඩක්

editorial - 2023 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද දිල්ලි නුවර අරුණ් ජෙට්ලි ක්‍රීඩාංගණයේ සිට..)

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (6 වැනිදා) පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් දවාගැනීම සඳහා සකීබ් අල් හසන් ප්‍රමුඛ බංග්ලාදේශ කණ්ඩායම කළ ඉල්ලීම ක්‍රිකට් නීතිවලට අනුකූළ වුවත්, සදාචාරාතමක නොවන බව ක්‍රිකට් විචාරකයෝ පවසති.

නියමිත කාලයට පෙර පන්දුවට පහරදීම ‍සඳහා නොපැමිණීම ‍හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී ක්‍රීඩකයකු දැවී ගිය පළමු අවස්ථාව ලෙසද මෙය ඉතිහාසයට එක් විය.

ශ්‍රී ලංකා ඉනිමේ 24 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී සදීර සමරවික්‍රම දැවී ගිය අතර ඉන් අනතුරුව පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් පන්දුවට පහරදීම සඳහා සීමා රේඛාව වෙත ලඟා වුවද, එම අවස්ථාවේදී ඔහු පැළඳ සිටි හිස් ආවරණයේ (හෙල්මට‍යේ) පටිය ගැළවී ගියේය. එබැවන් එය වෙනත් හිස් ආවරණකට මාරු කිරීම සඳහා මැතිව්ස් සීමා රේඛාවෙන් පිටතට පැමිණි අතර ඒ වන විට සදීර‍ගේ දැවී යෑමෙන් විනාඩි 2 කට වැඩි කාලයක් ගතවී තිබිණ.

ඒ අනුව නියමිත කාලය තුළ මැතිව්ස් පන්දුවට පහරදීම සඳහා සූදානම් වීමට අපොහොසත් වූ බැවින් ඔහු දැවී ගිය ක්‍රීඩකයකු ලෙස නම් කරන ලෙස බංග්ලාදේශ නායක සකීබ් අල් හසන් විනිසුරුවන්ගෙන් ඉල්ලීමක් කළ අතර විනිසුරුවෝ එම ඉල්ලීම අනුමත කළහ. ක්‍රිකට් ක්‍රීඩාවේ නීතී රීති වලට පිතිකරුවකු දැවී යෑමෙන් අනතුරුව ඊලඟ පිතිකරුවා විනාඩි 2 ක් ඇතුළත පන්දුවට පහරදීම සඳහා සූදානම් නොවුණහොත් ඔහු දැවී ගිය ක්‍රීඩකයකු ලෙස නම් කිරීමට විනිසුරුවන්ට හැකියාව ඇත.

කෙසේ වුවත් නියමිත වේලාව අවසන් වීමට පෙර මැතිව්ස් සීමා රේඛාව කරා පැමිණි බවත්, එහිදී හිස් ආවරණයේ පටිය ගැළ‍වී‍ යෑම ඔහුගේ වරදක් නොවන බවත්, කැඩුණු පටියක් සහිත හිස් ආවරණයක් පැළඳ ඔහුට ක්‍රීඩා කිරීමට නොහැකි බවත් දැන දැනම බංග්ලාදේශ ක්‍රීඩකයන් ඔහු දවාගැනීම සඳහා ඉල්ලීම් කිරීම සදාචාරාත්මක නොවන බව ක්‍රිකට් විචාරකයන්ගේ මතය විය.


අදහස් (0)

බංගලියන්ගෙන් ලජ්ජා සහගත වැඩක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.