Last Update  :  2024-04-29 18:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ප්‍රවේශපත් අළෙවිය ඇරඹෙයි
සිම්බාබ්වේ - ශ්‍රී ලංකා සීමිත ඕවර තරගාවලිය

ප්‍රවේශපත් අළෙවිය ඇරඹෙයි

editorial - 2023 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාවලියේ ප්‍රවේශපත් අළෙවිය දැන් ආරම්භ වී තිබේ. එහි ප්‍රවේශපත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය වන www.srilankacricket.lk වෙත පිවිසීමෙන් දැන් සිටම වෙන්කරවාගත හැකිය.

ජනවාරි 04 වැනිදා සිට කොළඹ විද්‍යා මාවතේ සහ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප්‍රවේශපත් කවුළු විවෘත කෙරේ. 

එකක් රුපියල් 200 සිට රුපියල් 5000 ක් දක්වා වන පරාසයක ප්‍රවේශපත් අළෙවි කෙරේ. වායු සමනය කරන ලද ආයතනික කුටියක ප්‍රවේශපත්‍රයක් රුපියල් 3000 කි. එම කුටියක ආසන 16 ක් ඇත.  

එක්දින තරගාවලිය ජනවාරි 06 වැනිදා ආරම්භ වන අතර විස්සයි-20 තරගාවලිය ජනවාරි 14 වැනිදා ආරම්භ කෙරේ. එක්දින තරග තුනම දිවා/රාත්‍රී තරග වන අතර විස්සයි-20 තරග තුනම රාත්‍රී 7.00 ට ආරම්භ කිරීමට නියමිතය. 

- 213 


අදහස් (0)

ප්‍රවේශපත් අළෙවිය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.