Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International දඟ පන්දුවේ අනුහසින් ලක්නව් ජයගනී
අයි.පී.එල් 2023

දඟ පන්දුවේ අනුහසින් ලක්නව් ජයගනී

editorial - 2023 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දඟ පන්දුවෙන් සන්රයිසස් පිතිකරුවන් මෙල්ල කරගත් කෘණාල් පාණ්ඩ්‍යාගේ (18/3) සහ අමිට් මිෂ්රාගේ (23/2) දස්කම් නිසා, සිකුරාදා (07 වැනිදා) පැවැති අයි.පී.එල්. තරගයේදී ලක්නව් සුපර් ජයන්ට්ස් ක්‍රීඩකයෝ කඩුලු 5 ක පහසු ජයක් අත්කර ගත්හ. මෙම තරගය ලක්නව්හි පැවැත්විණ.

ලක්නව් දඟ පන්දු යවන්නන්ගේ අණසක පැතිරුණු මෙම තරගයේදී හයිද්‍රාබාද් පිතිකරුවෝ ඕවර 13 ක් තිස්සේ දඟ පන්දු යවන්නන් හමුවේ අසරණව සිටියහ. කාසියේ වාසිය දිනා පළමුවෙන් පිතිහරඹය තෝරාගත් නමුත් හයිද්‍රාබාද් පිතිකරුවන්ට කඩුලු 8 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 121 කි. පසුගිය වසරේ අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කළ නෙහැකි වූ ප්‍රවීණ පා දඟ පන්දු යවන්නකු වන, 40 හැවිරිදි අමිත් මිෂ්රා සිය පුනරාගමනය සටහන් කළේ ලකුණු 23 කට කඩුලු 2 ක් දවාගනිමිනි.

සන්රයිසස් නායක ඒඩි්‍රයන් මාක්රම් ද තමන්ගේ දඟ පන්දු යවන්නන්ගෙන් සටනට පිවිසි නමුත් ඕවර 16 කදී ලක්නව් පිතිකරුවෝ තරගය නිමා කළහ. 15 වැනි ඕවරය දක්වාම පිටියේ රැඳුණු ලක්නව් නායක ලෝකේෂ් රාහුල් දැවී යන විට ජයග්‍රහණයට අවශ්‍යව තිබුණේ ලකුණු 13 ක් පමණි.


සන්රයිසස් හයිද්‍රාබාද් - ඕවර 20 කදී කඩුලු 8 ට 121
(අන්මෝල්ප්‍රීත් සිං 31, රාහුල් ත්‍රිපාටි 34, වොෂිංටන් සුන්දර් 16, අබ්දුල් සමාඩ් 21, කෘණාල් පාණ්ඩ්‍යා 18/3, අමිත් මිෂ්රා 23/2)

ලක්නව් සුපර්ජයන්ට්ස් - ඕවර 16 කදී කඩුලු 5 ට 127 යි
(කයිල් මේයර්ස් 13, ලෝකේෂ් රාහුල් 35, කෘණාල් පාණ්ඩ්‍යා 34, මාකස් ස්ටොයිනිස් නොදැවී 10, නිකලස් පූරන් නොදැවී 11, අදිල් රෂීඩ් 23/2)

- 213

 


අදහස් (0)

දඟ පන්දුවේ අනුහසින් ලක්නව් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.