Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ටේලර් - විලියම්සන් නවසීලන්තය දිනවති

ටේලර් - විලියම්සන් නවසීලන්තය දිනවති

editorial - 2019 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
රොස් ටේලර් සහ කේන් විලියම්සන් දෙදෙනාගේ ශතක සම්බන්ධතාව නිසා ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී ඊයේ (05) රාත්‍රී පැවැති තරගයේදී නවසීලන්ත ක්‍රීඩකයෝ කඩුලු දෙකකින් බංග්ලාදේශය පරාජය කිරීමට සමත් වූහ. නවසීලන්තය මේ වන විට සහභාගි වූ තරග දෙකම ජය ලබා ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය හිමිකරගෙන සිටියි.  
 
නවසීලන්ත පිල ලකුණු 245 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 47.1 කදී කඩුලු 8 ක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය. රෝස් ටේලර් ජයග්‍රහණයේ නියමුවා බවට පත්වෙමින් ලකුණු 82 ක් රැස් කිරීමට සමත් විය. ටේලර් පන්දු 91 කට පහර දුන් අතර ඉන් නවයක් හතරේ සීමාව පසුකර හරිමින් බංග්ලාදේශ පන්දු යවන්නන් වෙහෙසට පත්කළේය. 
 
රෝස් ටේලර් සහ නායක කේන් විලියම්සන් තෙවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 105 ක සම්බන්ධතාවය බංග්ලාදේශ ජයග්‍රහණයේ බලාපොරොත්තු ඈත් කළේය. 
 
මැතිව් හෙන්රි කඩුලු හතරක් දවාගනිමින් පළමු පන්දුවට පහර දුන් බංග්ලාදේශය ලකුණු 244 කට සීමා කිරීමට පෙරමුණ ගත්තේය.  මොහොමඞ් යසිෆුඩීන් අවසන් ඕවර කීපයේදී ක්‍රියාත්මක කළ වේගවත් පිතිහරඹයෙන් බංග්ලාදේශය තරමක් ශක්තිමත් විය. සයිෆුඩීන් පන්දු 23 කින් හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 29 ක් රැස් කළේය. 
 
බංග්ලාදේශය ඕවර 40 ක් අවසන් වන විට ලකුණු 188 ක් ලබා සිටියදී 45 වැනි ඕවරය දක්වා ඕවර පහ යැවූ ලොකි ෆර්ගසන් සහ මිචෙල් සෑන්ට්නර් පාලනයකින් පන්දු යැවීමෙන් එම ඕවර පහ තුළදී ලකුණු 27 ක් පමණක් එකතුවිය. ඒ හේතුවෙන් බංග්ලාදේශයට පහසුවෙන් ලකුණු 260 පසු කිරීමට තිබූ අවස්ථාව මඟ හැරුණි. 
 
සකීබ් අල් හසන් පන්දු 68 කින් හතරේ පහර 7 ක් සමගින් ලකුණු 64 ක් රැස්කළේය. මෙය සකීබ්ගේ 44 වැනි එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකයයි. 
 
සකීබ් අල් හසන් සහ මුෂ්ෆිකුර් රහීම් අතර තෙවැනි කඩුල්ලට ගොඩනැගුණු ලකුණු 50 ක සම්බන්ධතාවයෙන් බංග්ලාදේශය අඛණ්ඩව ලකුණු වේගය 4.5 කට ඉහළින් පවත්වාගත්තේය. 
 
ලකුණු පුවරුව
බංග්ලාදේශය 
ටමීම් ඉක්බාල් - ඇ. බෝල්ට් ප. ෆර්ගසන් 24 (38)
සෞම්‍ය සාකර් - ප. හෙන්ද්‍රි 25 (25)
සකීබ් අල් හසන් - ඇ. ලෙතම් ප. ග්‍රැන්ඞ්හොමි 64 (68)
මුෂ්ෆිකුර් රහීම් - දුවද්දී දැවී ගියා 19 (35)
මොහොමඞ් මිතුන් - ග්‍රැන්ඞ්හොමි ප. හෙන්ද්‍රි 26 (33)
මහුමුදුල්ලා රියාඞ් - ඇ. විලියම්ස් ප. සෑන්ටර් 20 (41)
මොසඩක් හොසේන් - ඇ. ගප්ටිල් ප. බෝල්ට් 11 (22)
මොහොමඞ් සයිෆුඩීන් - ප. හෙන්ද්‍රි 29 (23)
මෙහෙදි හසන් -- ඇ. ලෙතම් ප. බෝල්ට් 7 (09)
මෂ්රාෆි මොර්ටාසා - ඇ. බෝල්ට් ප. හෙන්ද්‍රි 1 (02
මුස්ටාෆිෂුර් රහමන් - නොදැවී 0 (00)
 
අතිරේක 18
එකතුව ඕවර 49.2 කදී සියලු දෙනා දැවී 244
 
කඩුලු වැටීම:
1-45(සාකර්), 2-60(ඉක්බාල්), 3-110(රහීම්), 4-151(ශකීබ්), 5-179(මිතුන්), 6-197(මහුමුදුල්ලා), 7-224(හොසේන්), 8-235(හසන්), 9-244(මොර්ටාෂා), 10-244(යසිෆුඩීන්)
 
පන්දු යැවීම:
මැතිව් හෙන්රි : 9.2-0-47-4, ටේ‍රන්ට් බෝල්ට්: 10-0-44-2, ලොකි ෆර්ගසන්: 10-0-40-1, කොලින් ඩී ග්‍රැන්ඞ්හොම්: 8-0-39-1, ජේම්ස් නීෂම්: 2-0-24-0, මිචෙල් සෑන්ට්නර්: 10-1-41-1
 
නවසීලන්තය 
මාටින් ගප්ටිල් - ඇ. ඉක්බාල් ප. ශකීබ් 25 (14)
කොලින් මුන්රෝ - ඇ. හසන් ප. ශකීබ් 24 (34)
කේන් විලියම්සන් - ඇ. හොසේන් ප. හසන් 40 (72)
රෝස් ටේලර් - ඇ. රහීම් ප. හොසේන් 82 (91)
ටොම් ලෙතම් - ඇ. සයිෆුඩීන් ප. හසන් 0 (04) 
ජේම්ස් නිෂාම් - ඇ. සාකර් ප. හොසෙන් 25 (33)
කොලින් ඩී ග්‍රැන්ඞ්හොමි - ඇ. රහීම් ප. සයිෆුඩීන් 15 (13)
මිචෙල් සෑන්ටර් - නොදැවී 17 (12)
මැට් හෙන්ද්‍රි - ප. සයිෆුඩීන් 6 (08)
ලොකි ෆර්ගසන් - නොදැවී 4 (03)
 
අතිරේක 10
එකතුව ඕවර 47.1 කදී කඩුලු 8 ක් දැවී 248
 
පන්දුවට පහර නොදුන් පිතිකරු: 
ට්‍රෙන්ට් බෝල්ට්
 
කඩුලු වැටීම:
1-35(ගප්ටිල්), 2-55(මුන්රෝ), 3-160(විලියම්සන්), 4-162(ලෙතම්), 5-191(ටේලර්), 6-218(ග්‍රැන්ඞ්හොමි), 7-218(නිෂාම්), 8-238(හෙන්රි)
 
පන්දු යැවීම:
මෂ්රාෆ් මොර්ටාසා: 5-0-32-0, මෙහෙදි හසන්: 10-0-47-2, මුස්ටාෆිසුර් රහමන්: 7.1-0-48-0, සකීබ් අල් හසන්: 10-047-2, මොහොමඞ් සයිෆුඩීන්: 7-0-41-2, මොසඩක් හොසේන්: 8-0-33-2
 
තරගයේ වීරයා: රෝස් ටේලර් (නවසීලන්තය)
 
- 048

අදහස් (0)

ටේලර් - විලියම්සන් නවසීලන්තය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.