Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සීමිත ඕවර ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට එන්.සී.සී. ක්‍රීඩා සමාජය අද (29 වැනිදා) සමත් විය. ඒ අවසන් පූර්ව වටයේදී යුද හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 22 ක ජයක් වාර්තා කරමිනි.
ජයග්‍රහණය සඳහා ලකුණු 195 ක ඉලක්කයක් හඹාගිය යුද හමුදා කණ්ඩායමට එන්.සී.සී. පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 42.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 172 ක පමණි. එහිදී හුදෙකලා පිතිහරඹයක නිරත වූ දිනේෂ් චන්දිමාල් පන්දු 109 කදී හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 91 ක් රැස්කළ නමුත් ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට නොහැකි විය.
මුල් කඩුලු 4 ලකුණු 26 ක් තුළ බිඳවැටීම හේතුවෙන් යුද හමුදා කණ්ඩායම ඉතා අසීරු තත්වයකට ඇද වැටුණේය. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ප්‍රවේගකාරී පිතිකරුවන් වන අසේල ගුණරත්නට (16) හෝ තිසර පෙරේරාට (16) පවා යුද හමුදා කණ්ඩායම එම තත්වයෙන් මුදවා ගැනීමට නොහැකි වූහ.
දක්ෂ පන්දු යැවීමක නිතර වූ දිලේෂ් ගුණරත්න සහ සචිඳු කොළඹගේ කඩුලු 3 බැගින් බිඳහෙළමින් යුද හමුදා ඉනිම සුනුවිසුණු කර දැමූ අතර ඒ සඳහා ඔවුන්ට අනගි සහායක් දුන් චාමික ගුණසේකර ලකුණු 37 කට කඩුලු 2 ක් දවා ගත්තේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එන්.සී.සී. කණ්ඩායම ඕවර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 194 ක් ලබාගත් අතර එන්.සී.සී. ඉනිමේ වැඩිම ලකුණු ලභියා බවට පත්වූ සහන් ආරච්චිගේ පන්දු 83 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 56 ක් රැස්කළේය.
මහේල උඩවත්ත පන්දු 31 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 18 ක්ද, නායක ඇන්ජලෝ පෙරේරා පන්දු 85 කදී හයේ පහරක් සමග ලකුණු 45 ක්ද, චාමික කරුණාරත්න පන්දු 25 කදී හයේ පහරක් සමග ලකුණු 24 ක්ද රැස්කරමින් එන්.සී.සී. කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
යුද හමුදා කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නන් යුගලය වූ ජනිත් සිල්වා සහ හේෂාන් හෙට්ටිආරච්චි කඩුලු 3 බැගින් දවාගනිමින් එන්.සී.සී. පිතිකරුවන් පීඩනයට පත් කළ අතර දුෂාන් විමුක්ති සහ නායක අසේල ගුණරත්න කඩුලු 2 බැගින් දවාගනිමින් එහිදී පන්දුවෙන් දස්කම් දැක්වූහ.
එන්.සී.සී. පිල - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 194
(මහේල් උඩවත්ත 18, ඇන්ජලෝ පෙරේරා 45, සහන් ආරච්චිගේ 56, චාමික කරුණාරත්න 24, ජනිත් සිල්වා 20/3, හ්ෂාන් හෙට්ටිආරච්චි 34/3, දුෂාන් විමුක්ති 32/2, අසේල ගුණරත්න 34/2)
යුද හමුදා පිල - ඕවර 42.1 කදී සියලු දෙනා දැවී 172
(දිනේෂ් චන්දිමාල් 91, අසේල ගුණරත්න 16, තිසර පෙරේරා 16, දිලේෂ් ගුණරත්න 18/3, සචිඳු කොළඹගේ 54/3, චාමික ගුණසේකර 37/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.