Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව කරච්චිහිදී පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 73 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කාන්තා කණ්ඩායම අද (3 වැනිදා) සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජයගැනීමට පාකිස්තාන ක්‍රීඩිකාවෝ සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 254 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 180 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ වේග පන්දු යවන ක්‍රීඩිකා ෆාතිමා සානා, නිලකුණු ඕවර 3 ක් සමග සිය ඕවර 10 ලකුණු 26 කට සීමාකරමින් කඩුලු 4 ක් දවාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කරමිනි.
ශ්‍රී ලංකා කාන්තා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ හර්ෂිතා මාධවී පන්දු 48 කදී හතරේ පහරක් සමග ලකුණු 41 ක් රැස්කළාය. ලකුණු 90 කට කඩුලු 4 ක් බිඳවැටී තිබියදී කවීෂා දිල්හාරි (32) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 70 කදී ලකුණු 61 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මාධවී සමත් වූවාය. පන්දු 35 කදී වාර්තා වූ දිල්හාරිගේ ඉනිම හතරේ පහර 3 කින් සමන්විත විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කාන්තා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 253 ක් ලබාගත්තේය. එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකාරිණී සිද්‍රා අමීන් පන්දු 150 කින් ලකුණු 123 ක් රැස්කළේ හතරේ පහර 11 ක් සමගිනි. මුනීබා අලී (56) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 213 කදී ලකුණු 158 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සිද්‍රා සමත් වූවාය.
ඉන් නොනැවතුන සිද්‍රා, පාකිස්තාන ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් නායිකා බිස්මා මරූෆ් (36) සමග එක්ව පන්දු 70 කදී ලකුණු 74 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවාය. පන්දු 100 කට මුහුණදුන් මුනීබා හතරේ පහර 3 කින් සිය අර්ධ ශතකය සැරසුවාය. පාකිස්තාන ඉනිමේ බිඳවැටුණ කඩුලු 2 ට හිමිකම් කීමට ඕෂදී රණසිංහ සහ කවීෂා දිල්හාරි සමත් වූහ.
පාකිස්තාන කාන්තා පිල - ඕවර 50 කදී කඩුලු 2 කට 258
(මුනීබා අලී 56, සිද්‍රා අමීන් 123, බිස්මා මරූෆ් නොදැවී 36)
ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 50 කදී කඩුලු 9 කට 180
(හසිනි පෙරේරා 14, චමරි අතපත්තු 16, හංසිමා කරුණාරත්න 27, ප්‍රසාදිනී වීරක්කොඩි 20, හර්ෂිතා මාධවී 41, කවීෂා දිල්හාරි 32, නිලක්ෂි ද සිල්වා 17, ෆාතිමා සානා 26/4, ඔමයිමා සොහේල් 35/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.