Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එංගලන්තයට තවමත් බලාපොරොත්තු
රාවල්පිණ්ඩි ටෙස්ට් තරගය

එංගලන්තයට තවමත් බලාපොරොත්තු

editorial - 2022 දෙසැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානු පිතිකරුවන් තිදෙනකුම ශතක ලබාගත් නමුත් රාවල්පිණ්ඩි නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  මුල් ඉනිමේ වාසියක් පිළිබඳ එංගලන්තය බලාපොරොත්තු රඳවා සිටී. එංගලන්ත කණ්ඩායම මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 657 ට පිළිතුරු වශයෙන් තරගයේ තුන්වැනි දිනය වූ අද (03 වැනිදා) සවස ක්‍රීඩාව නිමාවන විට පාකිස්තානුවෝ කඩුලු 7 ක් දැවී ලකුණු 499 ක් ලබාගෙන සිටියහ.

එංගලන්තය අභිබවා යාමට නම් පාකිස්තානුවන්ට තවත් ලකුණු 159 ක් අවශ්‍ය වන නමුත් ඔවුන් සතුව ඇත්තේ කඩුල 3 ක් පමණි.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන අබ්දුල්ලා ශෆීක් (114) සහ ඉමාම් උල් හක් (121) එක්ව පාකිස්තානය වෙනුවෙන් ලකුණු 225 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් වමතින් දඟ පන්දු යවන ජැක් ලීච් හමුවේ ඔවුන් දෙදෙනාම ලකුණු 20 ක් ඇතුළත දැවී ගියහ. එතැන් සිට වරින් වර කඩුලු දවාගැනීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වූ නමුදු පිතිකරු ලයිස්තුව මැදින් පැමිණි බාබර් අසාම් (136) තවත් ශතකයක් ලබාගත්තේය.

පාකිස්තානු නායකයාගේ ශතකය හේතුවෙන් දිවා ආහාරයත් - තේ පානයත් අතර කාලයේදී එංගලන්ත පන්දු යවන්නන් සියලු දෙනාම අසාර්ථක වූ නමුත් තේ පානයෙන් පසුව ඔව්හු කඩුලු 3 ක් දවාගත්හ. එංගලන්තයට එරෙහිව බාබර් අසාම් ලබාගත් මංගල ටෙස්ට් ශතකයට හතරේ පහර 19 ක් සහ හයේ පහරක් ඇතුළත් විය.

එංගලන්තයට ලකුණු 100 ක පමණ මුල් ඉනිමේ වාසියක් ලබාගත හැකිවුවහොත්, මුල් ඉනිමේදී ඕවර 100 කින් ලකුණු 650 ක් ලබාගත් සංචාරකයන්ට නැවත වරක් එවැනිම වේගවත් පිතිහරඹයකට යා හැකිය. එසේ වුවහොත්, පන්දු යවන්නන්ට අපායක් බඳු මෙම තණතීරුවේදී තරගයේ තීරණයක් අපේක්‍ෂා කළ හැකිය. එංගලන්ත දඟ පන්දු යවන්නන් දෙදෙනා වන ජැක් ලීච් (160/2) සහ විල් ජැක්ස් (132/3) කඩුලු 5 ක් බෙදාගත් අතර එංගලන්ත කණ්ඩායමේ විශ්වාසය වන්නේ තරගයේ අවසන් කොටස වන විට තණතීරුව වඩාත් දඟ කැවෙන තත්ත්වයකට පත්වනු ඇති බවකි.

වසර 146 ක ටෙස්ට් ඉතිහාසයේදී දෙපිලේම ආරම්භක පිතිකරුවන් දෙදෙනා ශතක ලබාගත් පළමු අවස්ථාව මෙයයි.


එංගලන්තය - පළමු ඉනිම 657 යි
පාකිස්තානය - පළමු ඉනිම කඩුලු 7 ට 499 යි

(අබ්දුල්ලා ශෆීක් 114, ඉමාම් උල් හක් 121, අසාර් අලී 27, බාබර් අසාම් 136, සවුද් ශකීල් 37, මොහොමඩ් රිස්වාන් 29, අඝා සල්මාන් නොදැවී 10, නසීම් ෂා 15, ජැක් ලීච් 160/2, විල් ජැක්ස් 132/3)

- 213


අදහස් (0)

එංගලන්තයට තවමත් බලාපොරොත්තු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.