Last Update  :  2025-05-08 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉනෝකා බංග්ලාදේශය අල්ලලා හොල්ලයි
ආසියානු කුසලාන

ඉනෝකා බංග්ලාදේශය අල්ලලා හොල්ලයි

editorial - 2022 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර, බංග්ලාදේශයේ ශිලාත් නුවරදී, අද (10 වැනිදා) පැවැති ආසියානු කුසලාන කාන්තා තරගයේදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත බංග්ලාදේශය පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානයට නැග ගත්හ. ශ්‍රී ලංකාව වෙනුවෙන් අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඉනෝකා රණවීර, සිය හොඳම විස්සයි-20 පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 07 කට කඩුලු 4 ක් දවාගත්තාය.

ලකුණු 41 ක ඉලක්කයක් කරා යමින් සිටි බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ ඕවර 5 කදී කඩුලු 2 කට ලකුණු 27 ක් ලබා සිටි නමුත්, ඉනෝකාගේ පන්දු යැවීම හේතුවෙන් පන්දු 10 ක් ඇතුළතදී කඩුලු 5 ක් අහිමි කරගත්හ. අවසාන ලකුණු සංඛ්‍යාව වූයේ ඕවර 7 කදී, කඩුලු7 කට ලකුණු 37 කි. එහෙත් ඩක්වර්ත් ලුවිස් ඉලක්කය අනුව බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ ලකුණු 3 ක් පසුපසින් සිටියහ.

බංග්ලාදේශ කාන්තා කණ්ඩායමක්, විස්සයි-20 තරගයකදී, අවසන් වරට ශ්‍රී ලංකාව පරාජය කළේ වසර 2014 දීය.

වර්ෂාව හේතුවෙන් ඕවර 18 කට සීමා වූ මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඕවර 18.1 කදී ලබාගත හැකිවූයේ කඩුලු 5 ක් දැවී ලකුණු 83 ක් පමණි. වර්ෂාව හේතුවෙන් දෙවැනි වර පන්දුවට පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ගේ ඉලක්කය, ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව, ඕවර 7 කදී ලකුණු 41 ක් ලෙසින් සංශෝධනය කෙරිණ.


ශ්‍රී ලංකා කාන්තාවෝ - ඕවර 18.1 කදී කඩුලු 5 ක් දැවී 83 යි
(හර්ෂිතා සමරවික්‍රම 18, නිලක්ෂි ද සිල්වා නොදැවී 28, කවීෂා දිල්හාරි 11, රුමානා අහමඩ් 14/2)

බංග්ලාදේශ කාන්තාවෝ - ඕවර 7 කදී කඩුලු 7 ක් දැවී 37
(නිගාර් සුල්තානා 12, ඉනෝකා රණවීර 07/4)


අදහස් (0)

ඉනෝකා බංග්ලාදේශය අල්ලලා හොල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.