Last Update  :  2025-09-15 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉන්දියාවට කඩුලු 7 ක ජයක්
ආසියානු කුසලාන - 2025

ඉන්දියාවට කඩුලු 7 ක ජයක්

editorial - 2025 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති ආසියානු කුසලාන තරගයේදී පාකිස්තානු පිල ලකුණු 127 කට සීමාකරගත් ඉන්දියානුවෝ පන්දු 25 ක් ඉතිරිව තිබියදී කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කළහ. තරගයෙන් ජයගැනීම සඳහා අවශ්‍ය වූ ලකුණු 128 ලබාගැනීමට ඉන්දීය පිතිකරුවන්ට අවශ්‍ය වූයේ ඕවර 15.5 ක් පමණි. 

අභිෂේක් ෂර්මාගේ ප්‍රචණ්ඩ ඉනිම නිසා ඉන්දියානුවෝ ඕවර 6 කින් ලකුණු 61 ක් ලබාගත්හ. එතැන් සිට එය පහසු ගමනක් විය. හතරේ පහර 5 කින් තම ඉනිම සැරසූ නායක සූර්යකුමාර් යාදව්, පන්දු 37 කින් ලකුණු 44 ක් ලබාගත් අතර ඔහු තරගය අවසන් කළේ සුෆියන් මුකීම් හමුවේ ගැසූ දැවැන්ත හයේ පහරකිනි. 

කාසියේ වාසිය දිනාගත් පාකිස්තානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම තෝරාගත් නමුත් ඔවුනට ලැබුණේ භයංකාර ආරම්භයකි. පළමු ඕවර දෙකේදී ලකුණු 06 කට පාකිස්තානු කඩුලු දෙකක්ම බිඳ වැටුණු අතර එතැන් සිට පාකිස්තානු පිලට ගොඩඒමක් නොවීය. ශහිබඩ්සා ෆර්හාන් දිගු වේලාවක් පිටියේ රැඳෙමින් පන්දු 44 කින් ලකුණු 40 ක් ලබාගත් නමුත් අනෙක් අන්තයේ පිතිකරුවෝ එකා පසුපස එකා දැවී ගියහ. 13 වැනි ඕවරය වන විට ලකුණු 64 කට කඩුලු 6 ක් බිඳවැටී පාකිස්තානය මහත් අසීරු අඩියකට ඇද වැටී තිබිණ. 

මෙම අවස්ථාවේදී පිටියට පැමිණි හිටපු නායක ශහීන් ෂා අෆ්රීඩි, හයේ පහර 4 ක් ද සමගින් පන්දු 16 කින් ලකුණු 33 ක් ලබාගැනීම නිසා සටනක් දිය හැකි ලකුණු 127 ක් ලබාගැනීමට පාකිස්තානුවන්ට හැකිවිය. එහෙත් ඉන්දියානු පිතිකරුවන් හමුවේ එය ප්‍රමාණවත් නොවීය. 


පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 9  ක් දැවී 127 යි
(සහිබඩ්සා ෆර්හාන් 40, ෆකර් සමාන් 17, ෆාහීම් අෂ්රෆ් 11, ශහීන් ෂා අෆ්රිඩි නොදැවී 33, සුෆියන් මුකීම් 10, ජස්ප්‍රීට් බුම්රා 28/2, කුල්දීප් යාදව් 18/3, අක්ෂර් පතෙල් 18/2)

ඉන්දියාව - ඕවර 15.5 කදී කඩුලු 3 ක් දැවී 131 යි
(අභිෂේක් ෂර්මා 31, ෂුබ්මන් ගිල් 10, සූර්යකුමාර් යාදව් නොදැවි 47, තිලක් වර්මා 31, ෂිවම් ඩුබේ නොදැවී 10, සයිම් අයුබ් 35/3)

 

- 213 


අදහස් (0)

ඉන්දියාවට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.