Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානය, ඇෆ්ඝනිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර සාජා නුවරදී පැවැත්වෙන තුන් කොන් විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය යටතේ පාකිස්තානය සහ ඇෆ්ඝනිස්තානය අතර ඊයේ (2 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 18 ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්තානුවෝ සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 170 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානයට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 151 ක් පමණි. දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ නූර් අහමඩ්, මොහොමඩ් නබී, ෆසාල්හක් ෆරූකි සහ නායක රෂීඩ් ඛාන් කඩුලු 2 බැගින් බිඳහෙළමින් පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය ඕවර 20 අවසන් වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 169 ක් ලබාගත්තේය. ආරම්භක පිතිකරු සෙදිකුල්ලා අතාල් (64) සහ ඊබ්‍රහීම් සද්‍රාන් (65) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 80 කදී ලකුණු 113 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
එහිදී පන්දු 45 කට මුහුණදුන් සෙදිකුල්ලා හයේ පහර 3 කින් සහ හතරේ පහර 3 කින් සිය දෙවැනි විස්සයි-20 අර්ධ ශතකය සැරසූ අතර පන්දු 45 කදී වාර්තා වූ ඊබ්‍රහීම්ගේ 10 වැනි විස්සයි-20 අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 8 කින් සමන්විත විය. සිය ඕවර 4 ලකුණු 27 කට සීමා කළ පාකිස්තාන මඳ වේග පන්දු යවන ක්‍රීඩක ෆාහීම් අෂ්රෆ් කඩුලු 4 ක් දවාගත්තේය.
ඇෆ්ඝනිස්තානය - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 169
(සෙදිකුල්ලා අතාල් 64, ඊබ්‍රහීම් සද්‍රාන් 65, ෆාහීම් අෂ්රෆ් 27/4)
පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 151
(සහිබ්සාදා ෆර්හාන් 18, ෆකාර් සමාන් 25, සල්මාන් ආඝා 20, ෆාහීම් අෂ්රෆ් 14, හාරිස් රවුෆ් නොදැවී 34, නූර් අහමඩ් 20/2, මොහොමඩ් නබී 20/2, ෆසාල්හක් ෆරූකි 21/2, රෂීඩ් ඛාන් 30/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.