Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කරච්චිහිදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට පාකිස්තානය අද (16 වැනිදා) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 506 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානුවෝ තරගය නිමාවන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකුණු 443 ක් ලබා සිටියහ.
ටෙස්ට් තරගයක සිවුවැනි ඉනිමේදී නායකයකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගත් පකිස්තාන නායක බාබර් අසාම්, හයේ පහරක් සහ හතරේ පහර 21 ක් සමග ලකුණු 196 ක් ලබා සිය මංගල ද්විත්ව ශතකය පෙනි පෙනී සිටියදී නේදන් ලයන්ගේ පන්දුවක් හමුවේ මානස් ලැබුෂේන් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.
කෙසේ වුවත් තරගය නිමාවන තෙක්ම එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් මොහොමඩ් රිස්වාන්, හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමග නොදැවී ලකුණු 104 ක් රැස්කළ අතර එය ඔහුගේ දෙවැනි ටෙස්ට් ශතකය විය. අසාම් සමග එක්ව පාකිස්තාන දෙවැනි ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 115 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රිස්වාන් සමත් විය.
සිවුවැනි දිනය වූ ඊයේ (15 වැනිදා) තරගය නරත කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 192 ක් ලබා සිටි පාකිස්තානුවෝ, අද දිනයේදී කඩුලු 5 ක් අහිමිකරගනිමින් සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 251 ක් එක්කර ගත්හ. දිනයේ පළමු කඩුල්ල ලෙස හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 96 ක් ලබා සිටි ආරම්භක පිතිකරු අබ්දුල්ලා ශෆීක් දැවී ගියේ පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ ස්ටීවන් ස්මිත් අතට උඩ පන්දුවක් දෙමිනි.
පාකිස්තාන දෙවැනි ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් වාර්තාගත ලකුණු 228 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද බාබර් අසාම් සහ අබ්දුද්ලා ශෆීක් සමත් වූහ. දෙවැනි ඉනිමේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ නේදන් ලයන් කඩුලු 4 ක් බිඳහෙළීමට සමත් වුවද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.
ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 556
පාකිස්තාන පළමු ඉනිම - සියලු දෙනා දැවී 148
ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 97
පාකිස්තාන දෙවැනි ඉනිම - කඩුලු 7 ක් දැවී 443
(අබ්දුල්ලා ශෆීක් 96, බාබර් අසාම් 196, මොහොමඩ් රිස්වාන් නොදැවී 104, නේදන් ලයන් 112/4, පැට් කමින්ස් 75/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.