Last Update  :  2026-01-07 11:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International අයි.පී.එල්. තරග විකාශය බංග්ලාදේශයේ තහනම් කරයි

අයි.පී.එල්. තරග විකාශය බංග්ලාදේශයේ තහනම් කරයි

editorial - 2026 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වේග පන්දු යවන ක්‍රීඩක මුස්ටෆිසුර් රෙහෙමාන් කොල්කටා නයිට් රයිඩර්ස් සංචිතයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදයෙන් පසුව, ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරඟාවලියේ එකම තරගයක් හෝ අයි.පී.එල්. තරගාවලියේ ප්‍රවර්ධන විශේෂංග බංග්ලාදේශය තුළ ප්‍රචාරය කිරීම හෝ රූපවාහිනී සේවා වලින් විකාශය කිරීම දින නියමයක් නොමැතිව තහනම් කිරීමට බංග්ලාදේශ රජය නියෝග කර තිබේ.

ප්‍රධාන පෙළේ ඉන්දීය ප්‍රවෘත්ති සේවාවක් වන ‘ඉන්දියා ටුඩේ’ වෙබ් අඩවිය මේ බව වාර්තා කරයි. 

අද (ජනවාරි 5 වැනිදා) නිකුත් කරන ලද නිල නිවේදනයකින් බංග්ලාදේශ බලධාරීන් නියෝග කළේ අයි.පී.එල්. තරගාවලිය සම්බන්ධයෙන් සියලුම විකාශන කටයුතු, ප්‍රවර්ධන සහ උත්සව ආවරණ වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බවයි. වැඩිදුර උපදෙස් ලැබෙන තුරු මෙම නියෝගය එලෙසම බලාත්මක වන බවත් එය ”මහජන යහපත” සඳහා ගෙන ඇති පියවරක් බවත්  බංග්ලාදේශ රජය නිවේදනය කරයි. 

මුස්ටෆිසුර් රෙහෙමාන් කොල්කටා සංචිතයෙන් නිදහස් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දුන් නියෝගය ”කිසිදු තාර්කික හේතුවක්” නොමැතිව ගෙන ඇති බව විස්තර කරන බංග්ලාදේශය, එවැනි තීරණයක් බංග්ලාදේශ ජනතාවගේ කනස්සල්ලට, කම්පනයට හා කෝපයට හේතු වී තිබෙන බව කියා සිටී. 

අයි.පී.එල්. තරග විකාශය නොකිරීමට බංග්ලාදේශය තීරණය කර ඇත්තේ මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට නොයැවීමට තීරණය කිරීමෙන් පසුවය. ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත බංග්ලාදේශය සහභාගි වන සියලුම ලෝක කුසලාන තරග ඉන්දියාවෙන් ඉවතට ගෙන යන ලෙසත් බංග්ලාදේශය අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ. 

- 213

 


අදහස් (0)

අයි.පී.එල්. තරග විකාශය බංග්ලාදේශයේ තහනම් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.