Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වයස 19 න් පහළ ලෝක කුසලාන සංචිතයෙන් දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ෂා ඉවත් කර ගැනීමට පාකිස්තානය තීරණය කර තිබේ. තවමත් 16 හැවිරිදි ක්‍රීඩකයකු වන නමුත් පාකිස්තානයේ ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා ඔහුව රඳවා ගැනීමට පාකිස්තානු ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කරච්යේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී නසීම් ෂා ලකුණු 31 කට කඩුලු 5 ක් දවාගත් අතර එම තරගයේදී පාකිස්තානයට ලකුණු 263 ක ජයක් හිමිවිය. 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය සඳහා පාකිස්තානය නියෝජනය කරන කණ්ඩායමට මොහොමඞ් වසීම් තෝරා ගෙන තිබේ.
නිමාවූ ඕස්ට්‍රේලියානු සංචාරයේදී සහ ශ්‍රී ලංකාවට එරෙහිව පාකිස්තානයේදී පැවැති ටෙස්ට් තරග 2 දී පෙන්වූ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් නසීම් ෂා 19 න් පහළ ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කර ගැනීමට ප්‍රධාන පුහුණුකරු මිස්බා උල් හක් සහ පන්දු යැවීමේ පුහුණුකරු වකාර් යුනිස් මහතා තීරණය කළහ.
“සියලු බාධක බිඳ දමා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සිය ස්ථනය තහවුරු කර ගැනීමට නසීම් ෂා සමත්වී තිබෙනවා....එම නිසා ලෝක මට්ටමේ තරග වලදී ඔහුගේ දක්ෂතා හා හැකියාවන් පෙන්වීමට හැකිවන පරිද පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය මේ තීරණය ගත්තා”
“තවත් හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ඔහුගේ අවස්ථාව ලබා දීම සඳහා මේ වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් ඔහු ඉවත් කර ගැනීමට තීරණය කර තිබෙනවා” යයි පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී වසීම් ඛාන් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
මෙම වෙනස හේතුවෙන් ජනවාරි 17 සිට පෙබරවාරි 9 දක්වා දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තානයේ අවස්ථාවන්ට කිසිදු බලපෑමක් ඇති නොවන බව වසීම් ඛාන් මහතා වැඩිදුරටත් පැවසීය.
ජනවාරි මාසයේදී බංග්ලාදේශයට එරෙහිව පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය අවිනිශ්චිත තත්වයක පවතින නමුත් පාකිස්තානයේදී විස්සයි විස්ස තරග 3 ක් පමණක් ක්‍රීඩා කරන බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය අවධාරණය කරයි.
ආසියානු ක්‍රිකට් සභාව විසින් සංවිධානය කළ ආසියානු කුසලාන තරගාවලියේදී සහ දකුණු අප්‍රිකානු සංචාරයේදී මොහොමඞ් වසීම් කඩුලු 3 බැගින් ලබා ගත් අතර ඔහු ශ්‍රී ලංකා සංචාරයේදී කඩුලු 7 ක් දවා ගත්තේය.
2004 සහ 2006 වසර වලදී 19 න් පහළ ලෝක කුසලාන දිනාගත් පාකිස්තානය තුන් වතාවක් අනුශූරතාව දිනා තිබේ. කණ්ඩායම් 16 ක සහභාගීත්වයෙන් මෙවර පැවැත්වෙන 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තානය ‘සී’ කාණ්ඩය යටතේ තරග කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.