
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 59 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 35 ක ජයක් වාර්තා කිරීමට ගුජරාට් කණ්ඩයම සමත් විය. මෙවර තරගාවලියේදී ගුජරාට් කණ්ඩායම ලැබූ පස්වැනි වැනි ජය මෙන්ම චෙන්නායි කණ්ඩායම ලැබූ හයවැනි පරාජයද මෙය විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 232 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 196 ක් පමණි. එහිදී මෝහිත් ශර්මා ලකුණු 31 කට කඩුලු 3 ක්ද, රෂිඩ් ඛාන් ලකුණු 38 කට කඩුලු 2 ක්ද බිඳහෙළමින් චෙන්නායි කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.
ලකුණු 10 කට කඩුලු 3 ක් බිඳවැටී තිබියදී සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 57 කදී ලකුණු 109 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ඩැරිල් මිචෙල් (63) සහ මුයින් අලී (56) සමත් වුවද, චෙන්නායි කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට ඔවුන්ට නොහැකි වූහ. පන්දු 34 කදී වාර්තා වූ මිචෙල්ගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 7 කින්ද, පන්දු 36 කදී වාර්තා වූ අලීගේ ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 4 කින්ද සමන්විත විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 231 ක් ලබාගත් අතර ප්‍රවේගකාරී පිතිහරඹයන්හි නිරත වූ සායි සුදර්ෂන් පන්දු 51 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 103 ක්ද, නායක ශුබ්මන් ගිල් පන්දු 56 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 104 ක්ද රැස්කිරීමට සමත් වූහ.
ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 104 කදී ලකුණු 210 ක වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනැගීමට ඔවුන් දෙදෙනා සමත් වූ අතර එය අයි.පී.එල්. ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ක්‍රීඩකයන් දෙදෙනකු එක්ව ගොඩනැගූ සිවුවැනි ඉහළම සම්බන්ධතාව බවටද පත්විය.
ගුජරාට් ටයිටන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 231
(සායි සුදර්ෂන් 103, ශුබ්මන් ගිල් 104, ඩේවිඩ් මිලර් නොදැවී 16, තුෂාර් දේෂ්පාන්ඩේ 33/2)
චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 196
(ඩැරිල් මිචෙල් 63, මුයින් අලී 56, ශිවම් ඩූබේ 21, රවින්ද්‍ර ජදේජා 18, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 26, මෝහිත් ශර්මා 31/3, රෂිඩ් ඛාන් 38/2)


-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.