
(ඕෂිත වරකාපිටිය)
මැදපෙළ පිතිකරුවන් වූ ලිටන් දාස් හා තව්හීද් හිරිදෝයි ගේ විශිෂ්ඨ ලකුණු සබඳතාව නිසා ආසියානු කුසලාන වි20 ක්‍රිකට් තරගාවලියේ හොංකොං සමගින් පැවති තරගයෙන් කඩුළු 7 ක පහසු ජයක් වාර්තා කිරිමට බංග්ලාදේශය සමත්විය. ශ්‍රී ලංකාව ඇතුලත් වන ‘බී’ කාණ්ඩයේ තරගයක් ලෙස මෙය අබුඩාබි හිදී අද (11දා) පැවැත්විණි.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් හොංකොං ක්‍රීඩකයෝ සිය පන්දුවාර 20 අවසානයේදී කඩුළු 7 ක් දැවී ලකුනු 143 ක් රැස් කළහ. නිසාට් ඛාන් (42) හා සීෂාන් අලි (30) හැරුණු කොට අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුනු 30 සීමාවට පැමිණීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ ඉඩ ලබා නොදුන්හ. පන්දු යැවීමේදී බංග්ලාදේශය වෙනුවෙන් ටස්කින් අහ්මඩ්, ටන්සිම් හසන් හා රිෂාඩ් හොසේන් අතරේ කඩුළු 2 බැගින් බිදී ගියේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුළු ද්විත්වය ලකුනු 47 ක් තුළ බිඳ වැටුණද තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලිටන් දාස් හා තව්හීද් හිරිදෝයි පන්දු 70 කදී ලකුනු 95 ක සබඳතාවක් පැවැත්වූහ. ඔවුන් පන්දුවාර 17.4 කදී කඩුළු තුනක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්හ. ලිටන් දාස් සිය 15 වැනි විස්සයි20 අර්ධ ශතකය මෙහිදී රැස් කලේය.
හොංකොං ඕවර 20 කදී කඩුළු 7 ක් දැවී ලකුනු 143
නිස්කට් ඛාන් 42, සීෂාන් අලි 30, යසීම් මුර්ටාසා 28, ටන්සිම් හසන් සකිබ් 2/21, රිෂාඩ් හොසේන් 2/31
බංග්ලාදේශය ඕවර 17.4 කදී කඩුළු 3 ක් දැවී ලකුණු 144
ලිටන් දාස් 59, තව්හීද් හිරිදෝයි නොදැවී 35, පර්වීස් හොසේන් ඉමෝන් 19, අතීල් ඉක්බාල් 2/14 , ආයුෂ් ෂුක්ලා 1/32
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.