
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 61 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර චෙන්නායි නුවර එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි කණ්ඩයම සමත් විය. මෙවර තරගාවලියේදී චෙන්නායි කණ්ඩායම ලැබූ හත්වැනි වැනි ජය මෙන්ම රාජස්ථාන් කණ්ඩායම ලැබූ සිවුවැනි පරාජයද මෙය විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 142 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි ක්‍රීඩකයෝ ඕවර 18.2 ක් අවසානයේ කඩුලු 5 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ. එහිදී නායකත්වයේ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු රුතුරාජ් ගයික්වාඞ් හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග පන්දු 41 කින් ලකුණු 42 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 141 ක් පමණි. රාජස්ථාන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රියාන් පරාග් පන්දු 35 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 47 ක් රැස්කළේය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ සිමර්ජීත් සිං සිය ඕවර 4 ලකුණු 26 කට සීමා කරමින් කඩුලු 3 ක් බිඳහෙළුෑ අතර රාජස්ථාන් පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහ ඔහුට අනගි සහායක් දුන් තුෂාර් දේෂ්පාණ්ඬේ ලකුණු 30 කට කඩුලු 2 ක් දවාගැනීමට සමත් විය.
රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 141
(යෂස්වි ජයිස්වාල් 24, ජොස් බට්ලර් 21, සංජු සැම්සන් 15, රියාන් පරාග් නොදැවී 47, ධෘව් ජුරෙල් 28, සිමර්ජීත් සිං 26/3, තුෂාර් දේෂ්පාණ්ඬේ 30/2)
චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 18.2 කදී කඩුලු 5 ක් දැවී 145
(රචින් රවින්ද්‍ර 27, රුතුරාජ් ගයික්වාඞ් 42, ඩැරිල් මිචෙල් 22, ශිවම් ඩූබේ 18, සමීර් රිස්වි නොදැවී 15, රවිචන්ද්‍රන් අෂ්වින් 35/2)
-036



ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.