Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ගුවහටි නගරයට ඉහළින් කළු වලාකුළු

ගුවහටි නගරයට ඉහළින් කළු වලාකුළු

editorial - 2020 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 දශකයේ පළමු වැනි විස්සයි-20 තරගයට සූදානම් වන ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේත් බලාපොරොත්තු වර්ෂාවට දියවී යාමට ඉඩ ඇතැයි ගුවහටි නුවරින් ලැබෙන වාර්තා වලින් කියැවේ. මෙම තරගය අද (5 වැනිදා) පස්වරු 7.00 ආරම්භ වීමට නියමිතව ඇතත් පස්වරු 5.00 ත් පස්වරු 7.00 ත් අතර වර්ෂාව පැවතිය හැකි බව කාලගුණ අනාවැකි වලින් කියැවේ.

සෙනසුරාදා දිනයේ හොඳ සූර්යාලෝකයක් තිබුණ නමුත් අද උදෑසන සිටම අහස අඳුරු කරමින් පොද වැස්සක් ඇද හැළෙමින් තිබිණ. පස්වරු 6.30 ට කාසියේ වාසිය උරගා බැලෙන අතර රාත්‍රී 7.00 ට තරගය ආරම්භ කිරීමට නියමිතය.

ගුවහටි හි පිහිටි බර්සපාරා ක්‍රීඩාංගණයේදී මීට පෙර පවත්වා ඇත්තේ එකම විස්සයි-20 (අන්තර්ජාතික) තරගයක් පමණි. ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති එම තරගයේදී ඉන්දියානුවෝ කඩුලු 8 කින් පරාජය වූහ. අඩු ලකුණු තරගයක් වූ එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය පිල ලකුණු 118 කට දැවී ගිය අතර ඕස්ට්‍රේලියානුවෝ  කඩුලු 2 කට ලකුණු 122 ක් ලබාගත්හ.

“නව වසරේදී අපි අලුත් ආරම්භයක් බලාපොරාත්තු වෙනවා...”

“විස්සයි-20 කියන්නේ අනාවැකි කියන්න පුළුවන් තාලේ ක්‍රීඩාවක් නෙමේ. අපට කියන්න බෑ කවුද හොඳ කියලා... ඕන කෙනෙකුට තරගයේ ස්වභාවය එක ඕවරයකින් වෙනස් කරන්න පුළුවන්...මට ඕනෑ කරන්නේ තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව දෙන්නයි....ඔවුන්ට දක්‍ෂතාව තියෙනවා. ඒත් අත්දැකීම් මදි... ඒ නිසා මේක අපට ඉතාමත් වැදගත් තරගාවලියක්’ යයි ලසිත් මාලිංග පැවසීය.

ඉන්දීය රාජය විසින් හඳුන්වාදෙනු ලැබ ඇති පුරවැසිභාවය වෙනස්කිරීමේ පනත සම්බන්ධයෙන් ගුවහටි ප්‍රධාන නගරය වන ඇසෑම් ප්‍රාන්තයේ විරෝධතා රැසක් පැවැත්වෙයි. එහෙත් ඇසෑම් ක්‍රිකට් සංගමය පවසන්නේ ඒවායින් තරගයට බලපෑමක් නොවන බවයි. ඉන්දීය නායක විරාට් කෝලි පවසන්නේ තමන්ට ලැබී ඇති ආරක්‍ෂාව සම්බන්ධයෙන් තෘප්තිමත් වන බවයි.

..


අදහස් (0)

ගුවහටි නගරයට ඉහළින් කළු වලාකුළු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.