Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මෙල්බර්න්හිදී අද (1 වැනිදා) පැවැති තෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් ලැබූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත වූ විස්සයි20 තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 143 ක පහසු ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 17.4 අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. පළමු තරගයේදී ශතකයක්ද, දෙවැනි තරගයේදී අර්ධ ශතකයක්ද ලබාගත් ඬේවිඞ් වෝනර්, මෙම තරගයේදීද දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් පන්දු 50 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 57 ක් රැස්කළේය.
නායක ඒරන් ෆින්ච් (37) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 53 කදී ලකුණු 69 ක සම්බන්ධතාවක් ගොඩනැගූ වෝනර්, ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය. ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ ෂෙහාන් ජයසූරිය අතට උඩ පන්දුවක් දෙමින් ෆින්ච් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය. පන්දු 25 කදී වාර්තා වූ ෆින්ච්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහරක් අන්තර්ගත විය.
ලකුණු 12 ක් ලබා සිටියදී ඬේවිඞ් වෝනර් ලබාදුන් උඩ පන්දුවක් මිඞ් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි නායක ලසිත් මාලිංග අතින්ද, ලකුණු 15 ක් ලබා සිටියදී ෆින්ච් ලබාදුන් උඩ පන්දුවක් ෂෝට් කවර් කළාපයේ පන්දු රකිමින් සිටි ෂෙහාන් ජයසූරිය අතින් ගිළිහී ගියේය. ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනාටම තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමේ අවස්ථාව හිමි විය.
මුහුණදුන් පළමු පන්දුවටම හතරේ පහරක් එල්ල කළ ස්ටීවන් ස්මිත්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාවක් නොලැබිණ. නුවන් ප්‍රදීප්ගේ පන්දුවකදී ලක්ෂාන් සඳකැන් විසින් රැකගන්නා ලද අගනා උඩපන්දුවක් හමුවේ දැවී යන විට හතරේ පහර 2 ක් සමග ස්මිත් ලබා සිටියේ ලකුණු 13 ක් පමණි. ලකුණු 5 ක් ලබා සිටි බෙන් මැක්ඩමෝට් කඩුල්ල මුවාකිරිමේ වරදට හසුකර ගැනීමට ලසිත් මාලිංග සමත් විය.
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ඒරන් ෆින්ච්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 20 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 142 ක් පමණි. එහිදී පැට් කමින්ස්, කේන් රිචඞ්සන් සහ මිචෙල් ස්ටාන් කඩුලු 2 බැගින් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම අඩපණ කළහ.
සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී හුදෙකලා සටනක නිතර වූ කුසල් පෙරේරා පන්දු 45 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 57 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. ලකුණු 33 කට කඩුලු 2 ක් බිඳවැටී තිබියදී අවිෂ්ක ප්‍රනාන්දු (20) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 44 කදී ලකුණු 43 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද කුසල් සමත් විය.
මෙම තරගයේදී ආරම්භක පිතිකරුවකු ලෙස පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල මුහුණදුන් පළමු පන්දුවේදීම ලකුණු නොළබා දැවී ගියේය. මුල් තරග දෙකේදී පිළිවෙලින් ලකුණු 0 කට සහ 1 කට දැවී ගිය කුසල් මෙන්ඩිස්ට මෙම තරගයේදීද රැස්කරගත හැකි වූයේ ලකුණු 13 ක් පමණි.
පිත්තේ යන්තමින් ගැවී ගිය පන්දුවක් උඩ පන්දුවක් ලෙස රැකගැනීමට කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කේරී සමත් වීමත් සමග ඕෂධ ප්‍රනාන්දුගේ ඉනිම ලකුණු 6 කට සීමා විය. හත්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ඉනිම නිමාවන විට පන්දු 11 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 17 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියේය.
දෙවැනි තරගයට ක්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක, වනිඳු හසරංග සහ ඉසුරු උදාන වෙනුවෙට භානුක රාජපක්ෂ, ඕෂධ ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය සහ ළහිරු කුමාර මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටියහ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.