Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියාව කඩුලු 7 කින් ජයගනී
සජීවි විස්තර

ඕස්ට්‍රේලියාව කඩුලු 7 කින් ජයගනී

editorial - 2019 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

................................................................................................................................................................

 

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති ‍තෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 7 ක  ජයක් හිමිකරගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 3-0 ක් ලෙස ජයගත්තේය.

................................................................................................................................................................

ඕවර 17.4 - 145/3

කෙළින්ම පිත්තට පැමිණි ප්‍රදීප්ගේ පන්දුවට ඩීප් බැක්වඩ් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ වෝනර්, ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු ක‍රයි.

................................................................................................................................................................

18 වැනි ඕවර යැවීම සඳහා යළිත් නුවන් ප්‍රදීප් කැදවයි.

 

................................................................................................................................................................

ඕවර 17 - 140/3

මාලිංගගේ අවසන් ඕවරයේදී ලකුණු 8 ක් රැස්කිරීමට වෝනර් සහ ටනර් සමත්‍ වෙති. මෙම තරගයේදී ඔහු යැවූ ඕවර 4 තුළ ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට රැස්කරගත හැකි වූයේ ලකුණු 22 ක් පමණි.

................................................................................................................................................................

17 වැනි ඕවර යැවීම සඳහා යළිත් ලසිත් මාලිංග පැමිණෙයි.

................................................................................................................................................................

ඕවර 16 - 132/3

සිය අවසන් ඕවරය ලකුණු 5 කට සීමා කිරීමට ලක්ෂාන් සඳකැන් සමත් වෙයි. මෙම තරගයේදී ඔහු යැවූ ඕවර 4 තුළ ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට රැස්කරගත හැකි වූයේ ලකුණු 25 ක් පමණි.

................................................................................................................................................................

16 වැනි ඕවර යැවීම සඳහා යළිත් ලක්ෂාන් සඳකැන් කැඳවයි.

................................................................................................................................................................

ඕවර 14.6 - 127/3

ළහිරුගේ අවසන් පන්දුවට ලෝන් ඕන් කළාපය හරහා හයේ පහරක් එල්ල කිරීමට ඩේවිඩ් වෝනර් සමත් වෙයි.

................................................................................................................................................................

ඕවර 14.4 - 120/3

ළහිරුගේ කෙටි පන්දු‍ව ටනර්ගේ පිත්තේ පිටත දාරයේ වැදී තර්ඩ් මෑන් කළාපයට ඉහළින් හයේ සීමාව ‍පසුකර යයි.

................................................................................................................................................................

15 වැනි ඕවර යැවීම සඳහා යළිත් ළහිරු කුමාර කැඳවයි.

................................................................................................................................................................

ඕවර 13.4 - 108/3

ෂෙහාන්ගේ සිවුවැනි පන්දුවට මිඩ් විකට් කළාපයට ඉහළින් හයේ පහරක් එල්ල කිරීමට ටනර් සමත් විය.

................................................................................................................................................................

14 වැනි ඕවර යැවීම සඳහා යළිත් ෂෙහාන් ජයසූරිය කැඳවයි.

................................................................................................................................................................

පස්වැනි පිතිකරුවා ලෙස දකුණත් පිතිකරු ඇෂ්ටන් ටනර් පිටියට පිවිසෙයි.

................................................................................................................................................................

ඕවර 12.5 - 99/3

මාලිංගගේ පන්දුවක් හමුවේ කඩුල්ල ‍මුවාකිරීමේ වරදට හසුවෙමින් බෙන් මැක්‍ඩමොට් ලකුණු 5 කට දැවී යයි. (පන්දු 7 යි)

................................................................................................................................................................

ඕවර 12.3 - 98/2

පිට ඉන්නෙන් ඉවතට ඇදී ගිය මාලිංගගේ කෙටි පන්දුවට වෝනරගෙන් ‍බැක්වඩ් පොයිට් කළාපය හරහා හතරේ පහරක්.

................................................................................................................................................................

13 වැනි ඕවර යැවීම සඳහා යළිත් ලසිත් මාලිංග පැමිණෙයි.

................................................................................................................................................................

ඕවර 12 - 91/2

සිය තෙවැනි ඕවරය ලකුණු 5 කට සීමා කිරීමට සඳකැන් සමත් වෙයි.

................................................................................................................................................................

සිවුවැනි පිතිකරුවා ලෙස දකුණත් පිතිකරු බෙන් මැක්ඩමොට් පිටියට පිවිසෙයි.

................................................................................................................................................................

ඕවර 10.5 - 85/2

ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ ලක්ෂාන් සඳකැන් අතට උඩ පන්දුවක් දෙමින් ස්ටීවන් ස්මිත් ලකුණු 13 කට දැවී යයි. ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ එල්ල කළ පුල් පහරකින් ඇදී ගිය පන්දුව ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපයේදී අගනා උඩ පන්දුවක් බවට පත්කර ගැනීමට සඳකැන් සමත් විය. (පන්දු 9 යි, හතරේ පහර 2 යි)

................................................................................................................................................................

11 වැනි ඕවර යැවීම සඳහා යළිත් නුවන් ප්‍රදීප් කැඳවයි.

................................................................................................................................................................

ඕවර 9.2 - 78/1

සඳකැන්ගේ පන්දුවක් හමුවේ පන්දු රකින අන්තයේ රැදී සිටි පිතිකරුගේ හිසට ඉහළින් හතරේ පහරක් එල්ල කිරීමට ස්මිත් සමත් වෙයි.

................................................................................................................................................................

තෙවැනි පිතිකරුවා ලෙස දකුණත් පිතිකරු ස්ටීවන් ස්මිත් පිටියට පිවිසෙයි.

................................................................................................................................................................

ඕවර 8.5 - 69/1

ළහිරුගේ පන්දුවක් හමුවේ ෂෙහාන් ජයසූරිය අතට උඩ පන්දුවක් දෙමින් ඒරන් ෆින්ච් ලකුණු 37 කට දැවී යයි. වේගය අඩාල කර යවන ලද ළහිරුගේ පන්දුව හමුවේ එල්ල කළ ඩ්‍රයිව් පහරකින් ඉහළින් ඇදී ගිය පන්දුව ලෝන් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි ෂෙහාන් අතට උඩ පන්දුවක් ලෙස පතිත වීම හේතුවෙන් ෆින්ච් දැවී ගියේය. (පන්දු 25 යි, හයේ පහර 3 යි, හතරේ පහර 1 යි)

................................................................................................................................................................

ඕවර 8.1 - 65/0

ළහිරුගේ තෙවැනි ඕවරයේ පළමු පන්දුවටම ෆින්ගෙන් ඕෆ් ඩ්‍රයිව් පහරක්. පන්දුව මිඩ් ඕෆ් කළාපයට ඉහළින් හයේ සීමාව පසු කරයි.

................................................................................................................................................................

නමවැනි ඕවරය යැවීම සඳහා යළිත් ළහිරු කුමාර කැඳවයි.

................................................................................................................................................................

ඕවර 8 - 59/0

සඳකැන්ගේ පළමු ඕවරය ලකුණු 6 කට සීමාවෙයි. වෝනර් ලකුණු 25 ක්ද, ෆින්ච් ලකුණු 30 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටිති.

................................................................................................................................................................

අටවැනි ඕවරය යැවීම සඳහා චයිනමන් පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් කැඳවයි.

................................................................................................................................................................

ඕවර 6.2 - 47/0

මිඩ් විකට් කළාපයට ඉහළින් දැවැන්ත හයේ පහරක් එල්ල කිරීමට ෆින්ච් සමත් වෙයි.

................................................................................................................................................................

හත්වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය කැඳවයි.

................................................................................................................................................................

ඕවර 5.3 - 39/0

ෆින්ච්ගේ පාදගේ වැදුණ ප්‍රදීප්ගේ යෝකර් පන්දුව ෆයින් ලෙග් කළාපය හරහා හතරේ සීමාව වෙත ඇදී යයි.

...............................................................................................................................................................

ඕවර 4.4 - 32/0

ලකුණු 15 ක් ලබා සිටියදී ෆන්ච් ලබාදුන් උඩ පන්දුවක් ෂෝට් කවර්හි පන්දු රකිමින් සිටි ෂෙහාන් ජයසූරියගෙන් ගිළිහී යයි.

...............................................................................................................................................................

ඕවර 4.3 - 32/0

ෆින්ච්ගෙන් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

...............................................................................................................................................................

සිවුවැනි ඕවරය යැවීමට යළිත් ළහිරු කුමාර කැඳවයි.

................................................................................................................................................................

ඕවර 3.4 - 24/0

ලකුණු 12 ක් ලබා සිටි ඩේවිඩ් වෝනර් ලබාදුන් උඩ පන්දුවක් මිඩ් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි නායක ලසිත් මාලිංග අතින් ගිළිහෙයි.

................................................................................................................................................................

තෙවැනි ඕවරය යැවීමට දකුණතින් වේග පන්දුයවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් කැඳවයි.

................................................................................................................................................................

ඕවර 2.2 - 19/0

පිට ඉන්නෙන් ඉවතට ඇදී ගිය මාලිංගගේ පන්දුවට ඩීප් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක් එල්ල කිරීමට වෝනර් සමත් වෙයි.

................................................................................................................................................................

ඕවර 1.6 - 15/0

කෙළින්ම පිත්තට පැමිණි ළහිරුගේ පන්දුවට ලෝන් ඕන් කළාපයට ඉහළින් හයේ පහරක් එල්ල කිරීමට ෆින්ච් සමත් වෙයි.

................................................................................................................................................................

ඕවර 1.4 - 08/0

ළහිරුගේ කෙටි පන්දුවට පුල් පහරක් එල්ල කිරීමට වෝනර් සමත් වෙයි. පන්දුව මිඩ් විකට් කළාපය හරහා හතරේ සීමාව වෙත ඇදී යයි.

................................................................................................................................................................

දෙවැනි ඕවරය යැවීමට දකුණතින් වේග පන්දුයවන ක්‍රීඩක ළහිරු කුමාර කැඳවයි.

................................................................................................................................................................

ඕවර 1 - 03/0

ඕස්ට්‍රේලියානු ඉනිමේ පළමු ඕවරය ලකුණු 3 කට සීමා කිරීමට ලසිත් මාලිංග සමත් වෙයි.

................................................................................................................................................................

පළමු ඕවරය යැවීමට නායක ලසිත් මාලිංග සූදානම්.

................................................................................................................................................................

ඕස්ට්‍රේලියානු ඉනිම ආරම්භ කිරීම සඳහා නායක ඒරන් ෆින්ච් සමගින් ඩේවිඩ් වෝනර් පිටියට පිවිසෙති.

................................................................................................................................................................

ජයග්‍රහණය සඳහා ඕස්ට්‍රේලියාවට ලකුණු 143 ක ඉලක්කයක්.

................................................................................................................................................................

ඕවර 20 - 142/6

ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 142 ක් ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙති.

................................................................................................................................................................

ඕවර 19.2 - 139/6

‍‍රිචඩ්සන්ගේ කෙටි පන්දුවට විනිසුරුගේ හිසට ඉහළින් හයේ පහරක් එල්ල කිරීමට මාලිංග සමත් වෙයි. 

................................................................................................................................................................

20 වැනි ඕවරය යැවීම සඳහා යළිත් කේන් රිචඩ්සන් කැඳවයි.

................................................................................................................................................................

අටවැනි පිතිකරුවා ලෙස දකුණත් පිතිකරු ලසිත් මාලිංග පිටියට පිවිසෙයි.

................................................................................................................................................................

ඕවර 18.6 - 132/6

පැයට කිලෝ මීටර් 140.8 ක වේගයකින් පැමිණි ස්ටාක්ගේ පන්දුව කඩුල්ලේ වැදීමෙන් ෂෙහාන් ජයසූරිය ලකුණු 12 කට දැවී යයි. (පන්දු 15)

................................................................................................................................................................

ඕවර 18.3 - 129/5

පා ඉන්න කෙළින් පතිත වූ ස්ටා‍ක්ගේ මීලඟ පන්දුවට භානුකගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

................................................................................................................................................................

ඕවර 18.2 - 125/5

පා අවරණ තුළට පැමිණි ස්ටා‍ක්ගේ පන්දුවට භානුකගෙන් ෆ්ලික් පහරක්. පන්දුව ඩීප් බැක්වඩ් ස්කුවෙයාර් ලෙග් කළාපයට ඉහළින් හයේ සීමාව පසු කරයි.

................................................................................................................................................................

19 වැනි ඕවරය යැවීම සඳහා යළිත් මිචෙල් ස්ටාක් කැඳවයි.

................................................................................................................................................................

ඕවර 18 - 118/5

සම්පාගේ අවසන් ඕවරයේදී ලකුණු 7 ක් රැස්කිරීමට ෂෙහාන් සහ භානුක සමත් වෙති. සම්පා සිය ඕවර 4 අවසන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 30 ක් ලබා දෙමිනි.

................................................................................................................................................................

18 වැනි ඕවරය යැවීම සඳහා යළිත් ඇඩම් සම්පා කැඳවයි.

................................................................................................................................................................

හත්වැනි පිතිකරුවා ලෙස වමත් පිතිකරු භානුක රාජපක්ෂ පිටියට පිවිසෙයි.

................................................................................................................................................................

ඕවර 16.1 - 110/5

පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ ඇෂ්ටන් ටනර් අතට උඩ පන්දුවක් දෙමින් කුසල් පෙරේරා ලකුණු 57 කට දැවී යයි. පිත්තේ පිටත දාරයේ වැදී ඉහළ ගිය පන්දුව මිඩ් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි ටන්ර්ගේ දෑත් අතර සිරවීමත් සමග කුසල්ගේ ඉනිම නිමාවට පත්විය. (පන්දු 45 යි, හයේ පහර 1 යි, හතරේ පහර 4 යි)

................................................................................................................................................................

17 වැනි ඕවරය යැවීම සඳහා යළිත් පැට් කමින්ස් කැඳවයි.

................................................................................................................................................................

ඕවර 16 - 110/4

සිය අවසන් ඕවරයද ලකුණු 6 කට සීමා කිරීමට ආගර් සමත් වෙයි. ‍මෙම තරගයේදී ඔහු යැවූ ඕවර 4 දීම එක් හයේ පහරක් හෝ හතරේ පහරක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් වෙති.

................................................................................................................................................................

16 වැනි ඕවරය යැවීම සඳහා යළිත් ඇෂ්ටන් ආගර් කැඳවයි.

................................................................................................................................................................

හයවැනි පිතිකරුවා ලෙස වමත් පිතිකරු ෂෙහාන් ජයසූරිය පිටියට පිවිසෙයි.

................................................................................................................................................................

ඕවර 14.2 - 100/4

කේන් රිචඩ්සන්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කේරි අතට උඩ පන්දුවක් දෙමින් ඕෂධ ප්‍රනාන්දු ලකුණු 6 කට දැවී යයි. ප්‍රධාන විනිසුරුගේ තීරණය විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයට යොමු කිරීමට ඕෂධ පියවර ගත්තද තෙවැනි විනිසුරුද ප්‍රධාන විනිසුරුගේ තීරණයට එකඟ වීම නිසා ඕෂධට ආපසු ක්‍රීඩාගාරය වෙත යෑමට සිදුවිය. (පන්දු 4 යි, හතරේ පහර 1 යි)

................................................................................................................................................................

15 වැනි ඕවරය යැවීම සඳහා යළිත් කේන් රිචඩ්සන් කැඳවයි.

................................................................................................................................................................

ඕවර 13.6 - 98/3

පිට ඉන්නෙන් ඉවතට ඇදී ගිය සම්පාගේ පන්දුව ඕෂධගේ පිත්තේ පිටත දාරයේ වැදී තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ සීමාව වෙත ඇදී යයි.

...................................................................................................................................................

ඕවර 13.2 - 91/3

දෙවැනි පන්දුව ඩීප් ස්‍කුවෙයාර් ලෙග් කළාපයට තල්ලු කරමින් ලබාගත් ලකුණු 2 ත් සමගින් කුසල් සිය 11 වැනි විස්සයි20 ජාත්‍යන්තර අර්ධ ශතකය ලබාගනී.

...................................................................................................................................................

ඕවර 13.1 - 89/3

සම්පාගේ තෙවැනි ඕවරයේ පළමු පන්දුවටම කුසල්ගෙන් රිවස් ස්වීප් පහරක්. පන්දුව තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ සීමාව වෙත ඇදී යයි.

...................................................................................................................................................

14 වැනි ඕවරය යැවීම සඳහා යළිත් ඇඩම් සම්පා කැඳවයි.

................................................................................................................................................................

ඕවර 12.5 - 84/3

ලකුණු 43 ක් ලබා සිටියදී කුසල් ලබාදුන් උඩ පන්දුවක් බැක්වඩ් පොයින්ට් කළ‍ාපයේ පන්දු රකිමින් සිටි කේන් රිචඩ්සන් අතින් ගිළි‍හී යයි.

................................................................................................................................................................

ඕවර 12.4 - 84/3

වේගය අඩාල කර යවන ලද ස්ටාක්ගේ කෙටි පන්දුවට ඩීප් එස්ක්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක් එල්ල කිරීමට කුසල් සමත් වෙයි.

................................................................................................................................................................

13 වැනි ඕවරය යැවීම සඳහා යළිත් මිචෙල් ස්ටාක් කැඳවයි.

................................................................................................................................................................

පස්වැනි පිතිකරුවා ලෙස දකුණත් පිතිකරු ඕෂධ ප්‍රනාන්දු පිටියට පිවිසෙයි.

................................................................................................................................................................

ඕවර 11.6 - 76/3

පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ බෙන් මැක්ඩමෝට් අතට උඩ පන්දුවක් දෙමින් අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 20 කට දැවී යයි. කමින්ස්ගේ කෙටි පන්දුවට අවිෂ්ක එල්ල කළ පුල් පහරින් ඇදී ගිය පන්දුව ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපයේදී පහසු උඩ පන්දුවක් ලෙස රැකගැනීමට මැක්ඩමෝට් සමත් වෙයි. (පන්දු 22 යි)

................................................................................................................................................................

12 වැනි ඕවරය යැවීම සඳහා යළිත් පැට් කමින්ස් කැඳවයි.

................................................................................................................................................................

ඕවර 11 - 71/2

සිය තෙවැනි ඕවරය ලකුණු 6 කට සීමා කිරීමට ආගර් සමත් වෙයි. මේ දක්වා ඔවු යැවූ ඕවර 3 තුළදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට රැස්කරගැනීමට හැකි වී ඇත්තේ ලකුණු 19 ක් පමණි.

................................................................................................................................................................

ඕවර 10 - 65/2

සම්පාගේ දෙවැනි ඕවරයේ සෑම පන්දුවකටම එක් ලකුණ බැගින් ලබාගනිමින් පන්දුවට පහරදීමේ අන්තය හුවමාරු කරගැනීමට කුසල් සහ අවිෂ්ක සමත් වෙති.

................................................................................................................................................................

ඕවර 9 - 59/2

ආගර්ගේ දෙවැනි ඕවරයේදී ලකුණු 8 ක් රැස්කළ කුසල් සහ අවිෂ්ක ක්‍රම ක්‍රමයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩී කිරීමේ උත්සාහයක නිතරව සිටිති.

................................................................................................................................................................

ඕවර 8 - 51/2

සම්පාගේ පළමු ඕවර‍යේදී කුසල්ට සහ අවිෂ්කට රැස්කරගත හැකි වූයේ ලකුණු 4 ක් පමණි.

................................................................................................................................................................

අටවැනි ඕවරය යැවීම සඳහා පා දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා කැඳවයි.

................................................................................................................................................................

ඕවර 7 - 47/2

සිය පළමු ඕවරය ලකුණු 6 කට සීමා කිරීමට ආගර් සමත් වෙයි. කුසල් සහ අවිෂ්ක කෙටි ලකුණු රැස්කරමින් උපක්‍රමශීලී පිතිහරඹයක නියැලෙති.

................................................................................................................................................................

හත්වැනි ඕවරය යැවීම සඳහා වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ඇෂ්ටර් ආගර් කැඳවයි.

................................................................................................................................................................

ඕවර 5.6 - 41/2

කුසල් පෙරේරාගේ පිත්තේ පිටත දාරයේ වැදුණු කමින්ස්ගේ බවුන්සර් පන්දුව ෆයින් ලෙග් කළාපය හරහා හතරේ සීමාව‍ වෙත ඇදී යයි.

................................................................................................................................................................

සිවුවැනි පිතිකරුවා ලෙස දකුණත් පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු පිටියට පිවිසෙයි.

................................................................................................................................................................

ඕවර 4.4 - 33/2

රිචඩ්සන්ගේ පන්දුවක් හමුවේ බෙන් මැක්ඩමෝට් අතට උඩ පන්දුවක් දෙමින් කුසල්‍ මෙන්ඩිස් ලකුණු 13 කට දැවී යයි. රිචඩ්සන්ගේ කෙටි පන්දුවට මෙන්ඩිස් එල්ල කළ පුල් පහරින් ඇදී ගිය පන්දුව ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපයේදී පහසු උඩ පන්දුවක් ලෙස රැකගැනීමට මැක්ඩමෝට් සමත් වෙයි. (පන්දු 18 යි, හයේ පහර 1 යි)

................................................................................................................................................................

පස්වැනි ඕවරය යැවීම සඳහා යළිත් කේන් රිචඩ්සන් කැඳවයි.

................................................................................................................................................................

ඕවර 3.5 - 31/1

කුසල් පෙරේරාගේ පිත්තේ අ‍ග කොටසේ වැදුණ පන්දුව තර්ඩ් මෑන් කළාපයට ඉහළින් හයේ සීමාව පසු කරයි.

................................................................................................................................................................

සිවුවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් කැඳවයි.

................................................................................................................................................................

ඕවර 2.5 - 20/1

කුසල් පෙරේරාගේ පාදයේ වැදුණ පන්දුව ෆයින් ලෙග් කළාපය හරහා හතරේ සීමාව වෙත ඇදී යයි.

................................................................................................................................................................

ඕවර 2.2 - 15/1

පා අවරණ තුළට පැමිණි ස්ටාක්ගේ පන්දුවට කුසල් පෙරේරා බැක්වඩ් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක් එල්ල කරයි.

................................................................................................................................................................

ඕවර 1.4 - 09/1

පා ඉන්න කෙළින් පැමිණි රිචඩ්ස‍න්ගේ පන්දුවට කුසල් මෙන්ඩිස් ෆයින් ලෙග් කළාපයට ඉහළින් හයේ පහරක් එල්ල කරයි.

................................................................................................................................................................

දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක කේන් රිචඩ්සන් කැඳවයි.

................................................................................................................................................................

තෙවැනි පිතිකරුවා ලෙස වමත් පිතිකරු කුසල් පෙරේරා පිටියට පිවිසෙයි.

................................................................................................................................................................

ඕවර 0.6 - 03/1

ස්ටාක්ගේ පන්දුවක් හමුවේ බෙන් මැක්ඩමෝට් අතට උඩ පන්දුවක් දෙමින් නිරෝෂන් දික්වැල්ල ලකුණු නොළබා දැවීයයි. පිත්තේ පිටත දාරයේ වැදී ඉහළ ගිය පන්දුව පොයිට්ස් සහ කවර් කළාප අතරදී උඩ පන්දුවක් බවට පත්කර ගැනීමට සමවූ මැක්ඩමෝට්, මුහුණදුන් පළමු පන්දුවේදීම දික්වැල්ල ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීය. 

................................................................................................................................................................

පළමු ඕවරය යැවීම සඳහා වමතින් වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් කැඳවයි.

................................................................................................................................................................

ශ්‍රී ලංකා ඉනිම ඇරඹීම සඳහා කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල පිටියට පිවිසෙති.

................................................................................................................................................................

දෙවැනි තරගයට සහභාගි වූ ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක, ඉසුරු උදාන සහ වනිඳු හසරංග වෙනුවෙට භානුක රාජපක්ෂ, ඕෂධ ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය සහ ළහිරු කුමාර මෙම තරගයේදී කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

................................................................................................................................................................

දෙවැනි තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් හතරක් සමගින් මෙම තරගයට ක්‍රීඩා කරයි.

................................................................................................................................................................

කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ඒරන් ෆින්ච් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කරයි.

................................................................................................................................................................

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ආරම්භ කිරීමට සියල්ල සූදානම්.


අදහස් (0)

ඕස්ට්‍රේලියාව කඩුලු 7 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.